Print this Article


සෝමවති මහා සෑරදුන් අබියස දී පින්කම්

සෝමවති මහා සෑරදුන් අබියස දී පින්කම්

කොළඹ 07 ආර්. ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති, “ බෞද්ධයා” මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ 50 වන ජන්ම සමරුව නිමිත්තෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමවතී මහ සෑ රදුන් අබියසදී පින්කම් මාලාවක් පැවැත්විණි.

එම පින්කම් මාලාව සඳහා මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්‍ඛිත මහා නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහ නාහිමි ප්‍රධාන සම්භාවනීය මහා සංඝරත්නය සහ සැදැහැවතුන් විශාල පිරිසක් ද සහභාගි වූහ. සෝමවතී සෑ රදුන් අබියසදී තෙසැත්තෑ ඤාණ පූජාවත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පූජාව සහ සෑ රදුන් වෙත ගුවනින් මල් ඉසීමද සිදු වූ අතර දරුවන් තිදෙනෙකුට වැඩි පවුල් 80 ක් සඳහා මුදලින් රුපියල් පන්දහසක් සහ වියළි ආහාර ඇතුළු උපකරණ බෙදාදීම ද සිදු කැරිණි.


දරණාගම කුසලධම්ම හිමියන් විසින් රචිත දහම් පද විමසීම, උම්මග්ග ජාතකය, වෙස්සන්තර ජාතකය, ග්‍රන්ථ උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහ නාහිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව.

එම ග්‍රන්ථ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහ නාහිමියන් වෙත දරණාගම කුසලධම්ම හිමියන් විසින් පිළිගැන්වූ අවස්ථාව.

වියළි ආහාර ද්‍රව්‍ය පිරිනමමින් .......