Print this Article


සේරුවාවිල රජමහා විහාරයේ පින්කම්

සේරුවාවිල රජමහා විහාරයේ පින්කම්

සේරුවාවිල මංගල රජමහා විහාරයේ ලලාට ධාතු නිකිණි මහා පින්කම මේ මස 21 වැනි දා පැවැත්වේ. සේරුවාවිල රජමහ විහාරාධිපතිව වැඩ විසූ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහා නා හිමියන්ගේ 29 වැනි ගුණ සමරුව ද එදිනට යෙදී ඇත.

මෙම පින්කම් මාලාවට ධර්ම දේශනා බුද්ධ පූජා පින්කම් ද, ගුවන් විදුලි නිකිණි පෝදා ධර්ම දේශනාවද, ධර්ම සාකච්ඡා, ජාතක කතා දේශනා ආදී විවිධ පින්කම් සංවිධානය කොට ඇති බව සේරුවාවිල මංගල රජමහ විහාරයේ විහාරාධිපති සේරුවාවිල සරණකිත්ති නා හිමියෝ පැවසූහ.