Print this Article


මිණිඔලුව විද්‍යාවාස පිරිවෙනේ පින්කම් මාලාවක්

මිණිඔලුව විද්‍යාවාස පිරිවෙනේ පින්කම් මාලාවක්

මීරිගම මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ මේ මස 20, 21, 22, 23 යන දිනවල විශේෂ පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. සෑම දිනකම සවස 6.30 ට මල් පහන් ගිලන් පස බුද්ධ පූජාව හා බෝධි පූජාව ද ධර්ම දේශනා ද පැවැත්වේ. පෝ දින රාත්‍රී 7.30 ට පත්තඬුවන ත්‍රිපිටක භික්‍ෂු පුහුණු ආයතනාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහාලේඛකාධිකාරී, පිරිවෙන් අංශයේ උපදේශක, අධ්‍යාපනවේදී, නැදගමුවේ විජයමෛත්‍රී නා හිමි ද අගෝස්තු 21 දින රාත්‍රී 7.30 ට කඩවත රන්මුතුගල මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකාය සංවර්ධන සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී ශාස්ත්‍රාචාර්ය, සීලගම විමල නාහිමි ද 22 බ්‍රහස්පතින්දා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව රාත්‍රී 9.00 ට ආරම්භ වේ. 23 සිකුරාදා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායකධූරන්ධර අග්ගමහා පණ්ඩිත විනය විශාරද නාපාන පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන දෙසිය (200) නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්‍ෂිණාව පිරිනැමීම සිදුවේ.