Print this Article


යුදගනා ඇසළ පෙරහර

යුදගනා ඇසළ පෙරහර

ඌව - වෙල්ලස්සේ බුත්තල ඓතිහාසික යුදගනා රාජ මහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය මේ මස 23, 24 යන දිනයන්හි දී පැවැත්වේ. විහාරාධිපති ගල්ටැම්වත්තේ ශ්‍රී චන්ද්‍රජෝත්‍යාභිධාන මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ හා විහාරාධිකාරී හා භාරකාර ගල්ටැම්වත්තේ නන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි යුදගන රාජමහා විහාර දායක සභාව, යුදගනා, සහයෝගිතා බෞද්ධ පදනම, යුදගනා පෙරහර කමිටුව, යුදගනා තරුණ බෞද්ධ සංගමය හා යුදගනා දහම් පාසලේ මෙහෙයීමෙන් පෙරහර මංගල්‍යය සංවිධානය වේ.

“සිත නිවන දහම් සිසිල” යන මැයෙන් ධර්ම දේශනයක් මේ මස 24 වැනි දා සවස 4.30 මොරකැටිආරේ ධම්මික හිමියන් විසින් වාද්දුව ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ. වාද්දුව ධම්මගවේෂි පදනම මෙය සංවිධානය කරයි.