Print this Article


භික්‍ෂූන් වහන්සේට ඉංගී‍්‍රසි භාෂාව සහිත ධර්මදූත පුහුණුවක් නොමිලයේ

භික්‍ෂූන් වහන්සේට ඉංගී‍්‍රසි භාෂාව සහිත ධර්මදූත පුහුණුවක් නොමිලයේ

සිංගප්පූරුවේ සංඝනායක ගාල්ලේ උදිත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය මෙහෙයවීමෙන් තෝරාගනු ලබන භික්‍ෂූන් වහන්සේලාට ඉංගී‍්‍රසි භාෂාව සහිත ධර්මදූත පුහුණුවක් නොමිලයේ ලබාදීමට එම සංවිධානය අදහස් කරයි.

එම පුහුණුව සඳහා තෝරා ගැනීමේ විභාගයක් ද පැවැත්වේ. ඒ සඳහා ආයතනාධිපති, ඉංගී‍්‍රසි භාෂාව සහිත වර්ෂයක ධර්මදූත පුහුණුව (2014), 188/2, පීල්ලවත්ත, මිනුවන්ගොඩ යන ලිපිනයට ඉල්ලුම් කරන ලෙස භික්‍ෂූන් වහන්සේලාගෙන් එම සංවිධානය ඉල්ලීමක් කරයි.

තෝරා ගැනීමේ විභාගය පැවැත්වෙන්නේ මේ මස 23 වන දා බවද මෙම 18 වනදාට පෙර ඉල්ලුම් කළ යුතු බවද උදිත හිමියෝ පවසති. අවරුදු 15 සිට 30 වයසැති භික්‍ෂූන් ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ සාමාන්‍ය දැනුම, ධර්මය, විනය, භාවනා දැනුම, සිල්වත් බව සහ උනන්දුව, අවශ්‍ය බවද කියයි.