Print this Article


ග්‍රන්ථය දොරට වැඩීම

ග්‍රන්ථය දොරට වැඩීම

ඇත්කඳවක සද්ධාජීව හිමියන් විසින් රචිත “මඟින් ඇසූ ප්‍රශ්න” බෞද්ධ මනෝවිද්‍යා උපදේශන ග්‍රන්ථය දොරට වැඩීම මේ මස 18 දින සවස 3.00 නුගේගොඩ නාවල පාරේ වික්‍රමසිංහාරාම විහාරස්ථානයේ දී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

මෙම දහම් සභාවේ මුලසුන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන සංඝනායක මිහිගාතැන්නේ චන්ද්‍රසිරි නාහිමියන් විසින් හොබවන අතර ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය ජයන්ත වත්තේවිතාන යන විශ්වවිද්‍යාල ආචාර්යවරු විශේෂ දෙසුම් පැවැත්වීමට නියමිත ය.