Print this Article


තෙමස් පූර්ණ මහා පින්කම් මාලාවක්

තෙමස් පූර්ණ මහා පින්කම් මාලාවක්

දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරාධිපති කළුතර තොටමුණේ ප්‍රධාන සංඝනායක දොඩම්ගොඩ ඉන්දසර නා හිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් මේ මස 18 දිනට තෙමසක් සපිරෙයි. ඒ නිමිත්තෙන් සත් දිනක් තුළ පවත්වනු ලබන ගිලන් පස බුද්ධ පූජා හා ධර්ම දේශනා පින්කම් මාලාවක් සඟසතු දානමය මහා පින්කම ද පැවැත්වේ.

සෑම දිනකම රාත්‍රී 7.00 ට පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ අගෝස්තු මස 11 දින කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, 12 වන දා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති, අගලකඩ සිරිසුමන හිමි, 13 වන දා කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති, මාදුළුවාවේ සෝභිත නා හිමි, 14 වන දා උඩුවේ ධම්මාලෝක හිමි, 15 වන දා කම්මට්ඨානාචාර්ය දොඩම්ගොඩ අස්සජි නා හිමි, 16 වන දා කොලොන්නාවේ ශ්‍රී සුමංගල හිමි, 17 වන දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති, මහාචාර්ය, කොටපිටියේ රාහුල හිමි දම් දෙසුම් පවත්වති.

මෙයට සමගාමීව දානමය පින්කම හා ධාතු මන්දිරය විවෘත කිරීම සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක මාහිමි හා සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක මාහිමි ප්‍රධාන පනස් නමකට අධික ස්වාමීන් වහන්සේලා වෙත පිරිනමන සඟ සතු දානමය පින්කමක් ද පැවැත්වේ.

දිමුත් ජයතිලක මහත්මාගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කළ ධාතු මන්දිරය මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය විසින් 18 වන දා පෙරවරුවේ දී විවෘත කිරීමට නියමිතය.