Print this Article


බෙල්ලන්විල ඇසළ පෙරහර

බෙල්ලන්විල රජමහා විහාරස්ථානය මඟින් 63 වැනි වරටත් පවත්වනු ලබන ඇසළ පින්කම ඇරඹේ. අගෝස්තු මස 15, 16, 17 දිනයන්හි බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි ගුණානුස්මරණ ධර්ම දේශනා ද, 18 වැනිදා පිරිත් දේශනය ආරම්භ කිරීමද, 24 වැනිදා දොරකඩ අස්න, දේවදූත පෙරහර සහ කුඹල් පෙරහර ද, 25 සිට 28 වැනිදා මල් පෙරහර ද, 29 වැනිදා පාවාඩ පෙරහර ද, 30 වැනිදා රන්සිවිලි පෙරහර ද, 31 වැනිදා රන්දෝලි මහා පෙරහර ද, සැප්තැම්බර් 01 වැනිදා දියකපන පෙරහර සහ දේව දානයෙන් පසු පින්කම් මාලාව අවසන් වේ.