Print this Article


මහනුවර ඇසළ පෙරහර

මහනුවර ඇසළ පෙරහර

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු 11 දින පස්වරු 7.31 ට වීදි සංචාරය කිරීම ඇරැඹිණි.

ශ්‍රී දළදා මාලිගාව අභියසින් පිටත්වන පෙරහර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතය.

කුඹල් පෙරහර අගෝස්තු 15 දින නිමාවට පත්වීමෙන් පසු පසුදින රාත්‍රීයේ ප්‍රථම රන්දෝලි පෙරහර වීදි සංචාරය අරඹයි. පුරා දින පහක් රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි. අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දින වීදි සංචාරය කෙරෙන අතර පසුදින අලුයම ගැටඹේ දිය කපනා තොටේදී දියකැපුම් මංගල්‍යය පැවැත්වෙයි. එදින දවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව පස්වරුවේ පෙරහර සමාප්ති උත්සවය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනපති මැදුරේදී පැවැත්වීමට නියමිතය. - අසේල කුරුළුවංශ