Print this Article


මහනුවර ඇසළ පෙරහර

මහනුවර ඇසළ පෙරහර

අගෝස්තු මස 07 දිනට යෙදෙන සුබ මොහොතින් සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර ආරම්භ කෙරේ. එදින සිට අගෝස්තු 10 දා දක්වා දේවාල අභ්‍යන්තර පෙරහරත් 11 දා සිට 15 දා දක්වා කුඹල් පෙරහරත්, 16 දා සිට 20 දා දක්වා රන්දෝලි මහ පෙරහරත් වීදි සංචාරය කෙරේ. දිය කැපීමේ මංගල්‍යය 21 දා අලුයම් කාලයේ යෙදෙන සුබ මොහොතින් පේරාදෙණිය – ගැටඹේ මහවැලි නදී තොටුපලේ දී සිදු කෙරෙන අතර එදින පැවැත්වෙන දවල් පෙරහරින් අනතුරුව ඓතිහාසික ඇසළ පෙරහර නිමාවට පත්වනු ඇත.

පෙරහර උත්සව සමයේ මහනුවර නගරයේ සියලුම ගොඩනැගිලි බෞද්ධ හා ජාතික කොඩිවලින් සරසා විදුලි බුබුළුවලින් අලංකාර කරන ලෙසත් පෙරහර භාරකාර කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටිති.