Print this Article


අ.පො.ස. උසස් පෙළ විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013

බෞද්ධ ශිෂ්ටාචාරය

අභ්‍යාසය අංක 04

එක් පිළිතුරකට ලකුණු 2 බැගින්

එක් එක් ප්‍රශ්නයකට 1. 2, 3, 4, 5 යන පිළිතුරු වලින් වඩාත් නිවැරැදි පිළිතුර තෝරා ලකුණු කරන්න.

1. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ අන්තර්ගත මෙලොව දියුණුවට හේතු නොවන ඉගැන්වීමක් වන්නේ,

(1) උත්සාහයෙන් ධනය ඉපයීම යි
(2) උපයන ධනය හොඳින් ආරක්ෂා කර ගැනීම යි
(3) අරපිරිමැස්මෙන් කටයුතු කිරීම යි
(4) යහපත් මිතුරන් ඇසුරු කිරීම යි
(5) අයවැය සමානව තබා ගැනීම යි

2. මහා මංගල සූත්‍රයට අනුව අධ්‍යාපනයෙහි දියුණුවට උපයෝගී වන මංගල කරුණක් නොවන්නේ,

(1) බහුශ්‍රැත භාවය යි
(2) ලද දෙයින් සතුටු වීම යි ම
3) විනය ගරුක භාවය යි
(4) ශිල්පීය ඤාණය යි
5) යහපත් හැසිරීම හා යහපත් වචනය යි

3. ආකාරවතී හා අමූලිකා යනුවෙන් ප්‍රභේද දෙකක් දැක්වෙන්නේ,

(1) සීලයෙහි ය.
(2) ප්‍රඥාවෙහි ය.
(3) කරුණාවෙහි ය.
(4) ශ්‍රද්ධාවෙහි ය
(5) මුදිතාවෙහි ය

4. සමණාමයං මහාරාජ – ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා
මෙම ගාථාව ප්‍රකාශ කරන ලද්දේ,

(1) බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට ය.
(2) මිහිඳු හිමියන් විසින් දෙවන පෑතිස් රජතුමාට ය.
(3) සෝණ උත්තර දෙනම විසින් සියම් රජතුමාට ය.
(4) මොග්ගලීපුත්ත තිස්ස හිමි විසින් අශෝක රජුට ය.
(5) නන්ද මහතෙරුන් වහන්සේ විසින් සිරිසඟබෝ රජුට ය.

5. බුද්ධ කාලීන මහණ බමුණන් ශාස්වත අශාශ්වතාදී දෘෂ්ටිවල එල්බගෙන සිටි නමුදු බුදුරජාණන් වහන්සේ ඒ කිසිඳු දෘෂ්ටියකට නොවැටී දහම් දෙසන බව සෘජුවම ප්‍රකාශ වන්නේ,

(1) අග්ගඤ්ඤ සූත්‍රයේ ය
( 2) අචෙල කස්සප සූත්‍රයේ ය
(3) කූට දත්ත සූත්‍රයේ ය.
(4) චක්කවත්තී සීහනාද සූත්‍රයේ ය
( 5) කාලාම සූත්‍රයේ ය

6. බුදුරජාණන් වහන්සේ වෙතින් අසිරිමත් කායික ලක්ෂණ දෙසතිසක් පිළිබිඹු වූ බව සූත්‍රාන්තයන්ගෙන් පැහැදිලි වෙයි. එයින් එක් ලක්ෂණයක් වන්නේ,

(1) සිරුර අටලොස් රියන් වීම යි
(2) සිරස් පතක් ඇති බව යි
(3) සන්සුන් ගමන් ඇති බව යි
(4) රන්වන් සමක් ඇති බව යි
(5) සවණක් ගණ රැස් ඇති බව යි
 

7. “යථාහි උදෙක ජාතං “ යන පාඨයෙන් ඇරැඹෙන ගාථාව බුදුරදුන්ගේ උතුම් චරිත ලක්ෂණයක් පෙන්වා දෙයි. එම චරිත ලක්ෂණය වන්නේ,

(1) පද්මාකාර ජීවිතය යි
(2) ලෝකවිදූ ගුණය යි
(3) අසරණයන්ට පිහිට වීම යි
(4) අන්‍යයන්ට සවන් දීම යි
(5) අල්පේච්ඡතාව යි

8. බෞද්ධ අවමංගල උත්සවවල නිතර භාවිත වන “අනිච්චාවත සංඛාරා” යන ධර්ම පාඨයෙහි අදහස වන්නේ,

(1) සංස්කාර ධර්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් උපදනා බව යි
(2) අසංඛත ධර්මය සදාකාලික නොවන බව යි
3) රූපස්කන්ධය නිරන්තර වෙනසකට ලක්වන බව යි
(4) ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මරණයට ගොදුරු වන බව යි
(5) හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියල්ල නිත්‍ය නොවන බව යි

9. ‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ... මා ඒකේන ද්වෙ අගමිත්ත’ ප්‍රථම ධර්ම දූත කණ්ඩායම මෙහෙයවීමේදී බුදුරදුන් කළ මෙම ප්‍රකාශයෙන් අදහස් කෙරෙන්නේ,

(1) සුළු පිරිසකගේ යහපත පිණිස නොව බොහෝ දෙනාගේ හිත සුව පිණිස ධර්ම ප්‍රචාරය කරන්න යන්නයි.
(2) එකම මාර්ගයක් අනුමගමනය කොට දෙදෙනෙකුටවත් ධර්මය අවබෝධ කරවන්න යන්නයි.
(3) ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් බහුතර ජනතාවගේ යහපත පිණිස ධර්මය දේශනා කරන්න යන්නයි.
(4) පිරිස සීමා සහිත බැවින් තනි තනිව ගමන් කොට බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්මය ප්‍රචාරය කරන්න යන්නයි.
(5) හැකිතාක් පා ගමනින් ගොස් බොහෝ ජනයා බුදු දහමට බඳවා ගන්න යන්නයි.

10. ආචාර්ය, උපාධ්‍යාය, දෙනම භික්ෂු සංවිධානය තුළ ඉතා වැදගත් වෙයි. උන්වහන්සේලා තම සිසුන්ට පිය සෙනෙහසින් සැළකිය යුතුය. මෙහිලා උපාධ්‍යායවරයා යටතේ සිටින ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ හැඳින්වෙන්නේ,

(1) අන්තේවාසිකයා යනුවෙනි
(2) ආගන්තුකයා යනුවෙනි
(3) සද්ධිවිහාරික යනුවෙනි.
(4) ශ්‍රාවකයා යනුවෙනි
(5) සහවාසිකයා යනුවෙනි

11. සමන්ත පාසාදිකා අටුවාවේ සඳහන් පරිදි බුදු දහමේ පැහැදී හැටදහසක් පමණ ධර්මය අවබෝධ කොට 3500ක් පමණ කුල දරුවන් ද 1500ක් කුල කුමරියන් ද පැවිදි ජීවිතයට ඇතුළත් වූ පෙරදිග බෞද්ධ රාජ්‍ය ලෙස හැඳීන්වෙන්නේ,

(1) බුරුමය යි
(2) තායිලන්තය යි
(3) චීනය යි
(4) කොරියාව යි
(5) ජපානය යි

12. පළමු ධර්ම සංගායනාවේදී “සුනාතු මේ ආවුසො සංඝෝයදී සංඝස්ස පත්තකල්ලං අහං උපාලිං විනයං පුච්ඡෙය්‍යං” යනුවෙන් විමසා සංග්‍රහ කළ “විනය පිටකය” පවත්වාගෙන යාමට උපාලි මහරහතන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරම්පරාවට භාර විය. සූත්‍ර පිටකයට අයත් ධර්ම කොටස් හා ඒවා රැක ගැනීමට භාර වූ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරා පහත දැක්වෙයි. ඒ අතුරෙන් වැරැදි ප්‍රකාශය වන්නේ,

(1) දීඝ නිකාය – ආනන්ද මහරහතන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පිරිස ය
(2) මජ්ඣිම නිකාය - සැරියුත් මහරහතන් වහන්සේ ගේ ප්‍රධාන ශිෂ්‍ය පිරිස ය
(3) ඛුද්දක නිකාය – මුගලන් මහරහතන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය පිරිස ය
(4) සංයුත්ත නිකාය – මහා ශාක්‍ය මහ රහතන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පිරිස ය
(5) අංගුත්තර නිකාය – අනුරුද්ධ මහ රහතන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පිරිස ය

13. පහත දැක්වෙන වරණ අතුරෙන් එකක් ප්‍රථම ධර්ම සංගායනාවට අදාළය. එම වරණය වන්නේ,

(1) පැළලුප් නුවර, වේළුවනාරාමය, වේහාර පර්වත ප්‍රාන්තය, මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ
( 2) විශාලා මහනුවර, වේළුවනාරාමය, වේහාර පර්වත ප්‍රාන්තය සබ්බකාමී මහ රහතන් වහන්සේ
(3) රජගහනුවර, වේහාර පර්වත ප්‍රාන්තය, සප්තපර්ණී ගුහාව, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
(4) රජගහනුවර, ගිජ්ජකූට පර්වත ප්‍රාන්තය, වේළුවනාරාමය, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ,
(5) රජගහනුවර, ගිජ්ජකූට පර්වත ප්‍රාන්තය, අශෝකාරාමය, සබ්බකාමී මහරහතන් වහන්සේ

14. සිරිනේරිස් අමුතුම ගති පැවතුම්වලින් යුත් පුද්ගලයෙකි. හෙතෙම ක්‍රියාවන්හි හොඳ නරක මෙන්ම අනුරූප විපාක ද නොපිළි ගනී. සිරිනේරිස්ගේ අදහස්වලට සමානකම් දක්වන ඉගැන්වීම් බුද්ධ කාලයේ ඉදිරිපත් කළේ,

(1) වචිඡගොත්ත පරිබ්‍රාජකයා ය
(2) නිගන්ඨ නාථපුත්ත ශාස්තෘවරයා ය
(3) මක්ඛලී ගෝසාල ශාස්තෘවරයා ය
(4) සච්චක පඬිවරයා ය
(5) සංජය බෙල්ලට්ඨිපුත්ත ශාස්තෘවරයා ය

15. ලොකු හාමුදුරුවෝ නිරන්තරයෙන් සිය දායක පිරිසගේ දෙලොව දියුණුව පිණිස යහපත අයහපත කියා දෙති. උන් වහන්සේගේ මෙම යහගුණය දැක්වෙන බෞද්ධ ඉගැන්වීම වන්නේ,

(1) සමානාත්මතාවය යි
(2) අර්ථචරියාව යි
(3) පරෝපාකාරය යි
(4) ප්‍රිය වචනය යි
(5) පරිත්‍යාගශීලී ගුණය යි

16. සම්පත් ඉපයීම, පාරිභෝජනය, යුතුකම් හා වගකීම් ඉටුකිරීම ආදිය ධාර්මික පදනමක් මත ඉටුකළ යුතු බව ඉගැන්වෙන සූත්‍ර ධර්ම වන්නේ,

(1) ව්‍යග්ඝපජ්ජ සූත්‍රය හා සිඟාලෝවාද සූත්‍රය යි
(2) ධම්මික සූත්‍රය හා වසල සූත්‍රය යි
(3) සිඟාලෝවාද සූත්‍රය හා වසල සූත්‍රය යි
(4) මංගල සූත්‍රය හා ව්‍යග්ගපජ්ජ සූත්‍රය යි
(5) කරණීය මෙත්ත සූත්‍රය හා රතන සූත්‍රය යි

17. තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස විවිධ රටවලට බුදු දහම ලැබුණු අතර ඒ සෑම රාජ්‍යයකම ප්‍රාග් බෞද්ධ ඇදහිලි ද තිබී ඇත. එසේ බුරුම දේශයේ පැවැති ප්‍රාග් බෞද්ධ ඇදහිල්ලක් නොවන්නේ,

(1) නාත් ඇදහිල්ල
(2) ගස් ගල් ඇදහිල්ල
(3) මළවුන් ඇදහීම
(4) ස්වභාවික වස්තු ඇදහීම
(5) අනාවැකි කීම

18. ලක්දිව දැනට ක්‍රියාත්මක වන ස්‍යාමෝපාලී වංශික මහා නිකාය ස්ථාපිත කිරීමට අනුග්‍රහ දැක්වූ බෞද්ධ රාජ්‍ය වන්නේ,

(1) බුරුමය යි
(2) කොරියාව යි
(3) ජපානය යි
(4) චීනය යි
(5) තායිලන්තය යි
 

19. බමුණන් මහා බ්‍රහ්ම සංකල්ප පදනම් කරගෙන විවිධ වූ ආගමික සංස්කාරකයන් ඉදිරිපත් කරන ලදී. ඒ අතර “අග්ගිපාරිශුද්ධිය” නමින් හඳුන්වාදෙන ලද්දේ,

(1) ගිනි ගොඩවල් අසල පුද පූජා පැවැත්වීම යි
(2) ජලය යොදාගෙන පුද පූජා පැවැත්වීම යි
(3) ගින්නෙන් පිසූ ආහාර අනුභව කිරීම යි
(4) තෙත වස්ත්‍ර ඇඳ සිටීම යි
(5) ගිනි ගෙන ඉතිරි වන අළු ඇඟ තවරා ගැනීම යි

20. බුදු සමය පතුරුවා හරිනු ලැබුවේ සාමකාමී බුද්ධිමත් පිළිවෙතකින් බව තහවුරු කිරීමට ගෙනහැර දැක්විය හැකි එක් නිදර්ශනයක් නම් ශාක්‍ය කෝලිය යුද ගැටුම විසැඳීමයි. මෙම ගැටුම ජලය බෙදා ගැනීමක් සම්බන්ධ වූ අතර එයට මූලික වූ ගංඟාව වූයේ,

(1) අනෝමා ගංඟාව
(2) අචිරවතී ගංඟාව
(3) රෝහිණී ගංඟාව
(4) නේරංජනා ගංඟාව
(5) නර්මදා ගංඟාව

21. හියුං සියෑං වාර්තාවලට අනුව දේශීය හා විදේශීය සය දහසක් පමණ සිසුහු අධ්‍යාපනය ලැබූ ප්‍රවේශ පරීක්‍ෂණ - දේශන - සාකච්ඡා - විභාග - වනපොත් කිරීම – භාවනා වැඩීම ආදී අධ්‍යාපන පහසුකම් වලින් යුත් නේවාසික පහසුකම් ද සලසා තිබු භාරතීය බෞද්ධ සරසවියක් ලෙස ප්‍රකටව පැවතියේ,

(1) නාලන්දා විශ්වවිද්‍යාලය යි
(2) සෝමපුර විශ්වවිද්‍යාලය යි
(3) වික්‍රමශීලා විශ්වවිද්‍යාලය යි
(4) ඕදන්තපූරී විශ්වවිද්‍යාලය යි
(5) වලභි විශ්වවිද්‍යාලය යි

22. අනුරාධපුරය අගනුවර කර ගනිමින් ලංකාවේ විධිමත් පළාත් පාලන ක්‍රමයක් ගොඩනැඟූ මුල්ම පාලකයා වූයේ,

(1) පණ්ඩුකාභය රජු ය
(2) මහසෙන් රජු ය
(3) දේවානම්පියතිස්ස රජු ය
(4) 1 වන අග්බෝ රජු ය
(5) වළගම්බා රජු ය
 

23. මිහිඳු මා හිමියන් ලංකාවට වැඩමවා මුල් දින කීපය තුළදී දේශනා කරන ලද සූත්‍ර අතරට අයත් නොවන්නේ,

(1) දේව දූත සූත්‍රය
(2) විනය සමුකස සූත්‍රය
(3) ආසිවිසෝපම සූත්‍රය
(4) බාලපණ්ඩිත සූත්‍රය
(5) චුල්ල හත්ති පදෝපම සූත්‍රය

24. “අත්ත දීපා විහරථ අත්ත සරණා න අනඤ්ඤ සරණා” තමන්ට තමන් ආලෝකයක් වී වාසය කරන්න. තමාට පිහිට තමාම ය. වෙනත් පිළිසරණක් නොමැත. මින් ගම්‍ය වන්නේ,

(1) මිනිසාගේ අසරණ ස්වභාව යි
(2) බාහිර බලවේග පිළිබඳ විශ්වාසය නොතබා ස්වකීය ආත්ම ශක්තියෙන් නැඟී සිටිය යුතු බව යි.
3) වෙනත් කිසිවෙකුගේ හෝ පිළිසරණක් අපේක්ෂා නොකළ යුතු බව යි
(4) සෑම විටම අන් අයගේ පිළිසරණක් නොපැතිය යුතු යි
(5) අන් අයගේ පිළිසරණක් පැතුවද තම ආත්ම ශක්තිය පිළිබඳ වැඩි විශ්වාසයෙන් ක්‍රියා කළ යුතු බව යි.

25. භාරතීය සමාජයේ දේශපාලන පසුබිම තුළ ආණ්ඩු පාලනය උදෙසා ඉදිරිපත් වූ බෞද්ධ උපදේශනය වන්නේ දසරාජ ධර්මය හා සතර සංග්‍රහ වස්තූන් ය. මින් ප්‍රකට වන්නේ,

(1) ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් උදෙසා රාජ්‍ය පාලකයාගේ ක්‍රියාකාරිත්වය ප්‍රබල සාධකයක් වන බව යි.
(2) මානව හිතවාදී භාවය නායකත්වයේ ප්‍රමුඛතම ලක්ෂණය වන බව යි
(3) රාජ්‍යත්වයේ දියුණුව උදෙසා සුබ සාධනය අත්‍යවශ්‍යම අංගයක් වන බව යි
(4) මතවාදයන්ට විරුද්ධ නොවීම සාර්ථක රාජ්‍ය පාලනයක ලක්ෂණයක් බව යි
(5) අර්ථ චර්යාවෙන් හා සමානාත්මතාවයෙන් තොර වූ පාලනය පරිහානියට පත් වන බව යි.

ප්‍රශ්න අංකය පිළිතුර

01. 3
02. 2
03. 4
04. 2
05. 5
06. 4
07. 1
08. 5
09. 4
10. 3
11. 1
12. 3
13. 3
14. 3
15. 2
16. 1
17. 5
18. 5
19. 1
20. 3
21. 5
22. 1
23. 2
24. 2
25. 1