Print this Article


ග්‍රන්ථය දොරට වැඩුම

පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති ඒ.එම්.ඩී. සරත්චන්ද්‍ර අමරතුංග මහතා විසින් සම්පාදිත ත්‍රිපිටකයේ දාර්ශනික සිද්ධාන්ත 2 (අවසන් කොටස) දොරට වැඩීම අගෝස්තු මස 4 දා පෙරවරු 8.00 ට කිරිවත්තුඩුව පුරාණ විහාරස්ථානයේ දී සිදු කෙරේ .

පන්නිපිටිය විද්‍යාලංකාර පරිවේණාධිපති ශාස්ත්‍රපති බැදිගමුවේ අභයතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ මාදෝවිට වජිබුද්ධි හිමි සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) බලගොඩ අමරජෝති, ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ආචාර්ය ශේන් බ්ලොක් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් එම දොරට වැඩීමේ උත්සවය පැවැත්වේ.