UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ගුණය භාවනාවට නංවන ක්‍රමය සෝ භගවා ඉතිපි බුද්ධෝ

බුද්ධ ගුණය භාවනාවට නංවන ක්‍රමය

සෝ භගවා ඉතිපි බුද්ධෝ

බුද්ධ බුදුගුණය

1. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේ ද බුද්ධ නම් වන සේක.

2. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය්‍ය¡ සත්‍යයන් අවබෝධ කළ බැවින් ද බුද්ධ නම් වන සේක.

3. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ සත්‍යන් අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

4. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුක්ඛ සත්‍යයෙන් පෙළන බව නම් වූ පිලනාර්ථය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

5. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුක්ඛ සත්‍යය හේතුවෙන් හටගත් බව නම් වූ සංඛතාර්ථය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

6. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුක්ඛ සත්‍යයේ තැවෙන බව නම් වූ සන්තාපාර්ථය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

7. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුක්ඛ සත්‍යයේ වෙනස් වෙන බව නම් වූ විපරිනාමාර්ථය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

8. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමුදය සත්‍යයේ දුක රැස් කිරීම නම් වූ ආයුහණාර්ථය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

9. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමුදය සත්‍යයේ දුකට හේතුව බව නම් වූ නිදානාර්ථය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

10. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමුදය සත්‍යයේ දුකෙහි බැඳෙන බව නම් වූ සංයෝගාර්ථය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

11. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමුදය සත්‍යයේ දුකෙන් මිදීමට නොදෙන බව නම් වූ පළිබෝධාර්ථය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

12. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ දුකෙන් එතෙරවූ බව නම් වූ නිස්සරණාර්ථය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

13. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ දුකෙන් වෙන්වීම නම් වූ විවේකාර්ථය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

14. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ හේතුවකින් හට නොගත් බව නම් වූ අසංඛතාර්ථය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

15. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ මරණයක් නැති බව නම් වූ අමෘතාර්ථය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

16. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ ඉපදීමේ දුක නැත්තා වූ අජාති නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

17. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ ලෙඩ රෝග දුක නැත්තා වූ අව්‍යාධි නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

18. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ මරණ දුක නැත්තා වූ අමත නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

19. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ සෝක, දුක නැත්තා වූ අසෝක නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

20. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ වැළපීමේ දුක නැත්තා වූ අපරිදේව නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

21. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ කායික දුක නැත්තා වූ අදුක්ඛ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

22. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ මානසික දුක නැත්තා වූ අදෝමනස්ස නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

23. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ උපායාස දුක නැත්තා වූ අනුපායාස නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

24. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ ගාම්භීර බව නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

25. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ සතර මගඵල නුවණින් පමණක් දැනගත යුතු වූ දුද්දස නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

26. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය දුක සේ අවබෝධ කළ යුතු දුරනුබෝධ නම් වූ නිර්වාණය නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

27. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ තර්කයෙන් නොදත හැකි අතක්කාවචර නම් වූ නිර්වාණය නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

28. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය මහා පණ්ඩිත උතුමන් විසින්ම දැකිය හැකි පණ්ඩිත වේදනීය නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

29. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය 108 වැදෑරුම් තෘෂ්ණාවගේ කෙළවර අන්ත නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

30. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය සියලු ආශ්‍රව නැති අනාසව නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

31. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය සියලු තණ්හාව ක්‍ෂය වීමෙන් ලැබෙන තණ්හක්ඛය නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

32. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය පරමාර්ථ සත්‍යයක් වූ සච්ච නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

33. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය සංසාර සාගරයේ පරතෙර පාර නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

34. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය සාමාන්‍ය නුවණට නොවැටහෙන නිපුණ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

35. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය නිවන දැක ගැනීම අපහසු සුදුද්දය නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

36. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ පඤ්ච ගති නැති අගති නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

37. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය ස්ථිර පවත්නා බැවින් ධුව නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

38. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය ඇසට නොපෙනෙන අනිදස්සන නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

39. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය නොසැළෙන බව අපලෝකිත නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

40. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ තණ්හා දිට්ඨි මාන නැති නිප්පඤ්ච නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

41. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ කෙලෙසුන්ගේ සංසිඳීම ඇති ශාන්ත නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

42. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය ඉතා ප්‍රණීත බැවින් ප්‍රණීත නිරෝධ සත්‍යය නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

43. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ උවදුරු නැති බැවින් ඛේම නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

44. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ භය නැති බැවින් සිව නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

45. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය මහත් විශ්මයජනක බැවින් අච්ඡරිය නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

මතු සම්බන්ධයි

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 22 වැනි දා සඳුදා පූර්වභාග 03.33 ට ලබයි.
22 වැනිදා සඳුදා අපරභාග 11.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ජූලි 29 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]