UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගැඹුරු අවබෝධය

ගැඹුරු අවබෝධය

සාක්ෂරතාවය බැරි අවුරුදු 7 ක් වු ‘චුල්ල පන්තක හාමුදුරුවෝ’ ගාථාවක් හය මාසයක් පාඩම් කළත්, පාඩම් කරගැනීමට නොහැකි වුණත් චුල්ල පන්තක හාමුදුරුවෝ නිවන් දැක්කා. චුල්ලපන්තක නිවන් දැකගත්තේ මෙම සියල්ල නැති වෙන බව දැනගෙනයි . සුදුපාට ලේන්සුවක් දුවිලි ගෑවෙන ආකාරය දැකීමෙන් එය නිවැරැදිව වටහා ගනු ලැබුවා

තියාගෙන අතහැරීම කියලා න්‍යායයක් තිබෙනවා. මෙය නිවැරැදිව වටහා ගතහොත් සෑම දෙයක්ම තියාගෙන නිවන් දැකිය හැකිය. රත්රන් මාලය පළදින්නේ කරේ .එහෙත් නිවන් දකින්නේ හිතය. රත්රත් අත් පළඳනාව තිබෙන්නේ අතේය. නිවන් දකින්නේ හිතය. දරුවන් ලබමින් මව, පියා, වන්නේ ශරීරයෙන්. නිවන් දකින්නෙ හිත,ගිණුම් අංකය තිබෙන්නේත්, ජාතික හැදුනුම්පත තිබෙන්නේත් ශරීරයටය. නිවන් දකින්නේ හිත. ඉඩම් ඔප්පුව තිබෙන්නේ නමටය. ඉඩම් ඔප්පු හිතට නැත. හිතට නමක් නැත. එහෙයින් එහි ඡායාරූපයක්ද නැත. එහෙයින් ඊට අංකයක්ද හැඳුනුම්පතක්ද නැත.

නිවන් දකින්නේ හිත නම් කරේ රන්දම්වැලක් තිබුණාට මොකද? නිවන් දකින්නේ සිත නම්, අතට රත්රන් අත් පළඳනාවක් ද, නමට ගිණුම් අංකයක්ද, ශරීරයට ඡායාරූපයක්ද, නමට ඉඩම් ඔප්පුවක්ද තිබුණට ප්‍රශ්නයක් නැහැ. ශරීරයට දරුමල්ලන් ලැබුණත්, ආවාහ විවාහ නිවනට බාධාවක් වන්නේ නැහැ. ප්‍රශ්නය වන්නේ මේ සියල්ල ශරීරයට තිබෙන එක නොවෙයි. ප්‍රශ්නය වන්නේ මේ සියල්ලම සිතට තිබෙන එකයි.

අපේ රත්රන් චේන් පට තිබෙන්නේ බැංකුවේ සහ සිතේ. දරුවො ඉන්නේ ශරීරයට නොවෙයි සිතටය. ගිණුමේ මුදල් තියෙන්නේ ශරීරයට නොවෙයි සිතටය. රිදී රත්තරන් තියෙන්නේ ශරීරයේ නොවෙයි සිතෙහිය. ප්‍රශ්නය තියෙන්නෙ එතැනයි. මේ සියලුම දේවල් ශරීරයේ තියාගෙන සිටීම නිවනට බාධාවක් නොවෙයි. මේ සියල්ල ශරීරයේ තියාගෙන හිතේ දරාගෙන සිටීම තමයි ගැටලුව ස්වර්ණාභරණ විභූ®සිතව නිවන් දැකිය හැකියි. ආකෘතියක් හැටියට අරගෙන හිතේ ලෝභකම යි. කුහක කමයි, තබාගෙන ශරීරයට සුදුඇඳගත්තට නිවන ළඟා වන්නේ නෑ. නිවන මානසික ස්පර්ශයක් මිස වර්ණයට ලං කළ හැකිදෙයක් නොවෙයි.

මානසික ස්පර්ශය කායික ව්‍යායාමයකින් ලබන්න බැහැ. නිවසේ දරුවන්, භාර්යාව, ස්වාමිපුරුෂයකු ඉන්නව කියන එක රිදී, රත්තරං මුතුමැණික්, ගෙවල්දොරවල්, යානවාහන තබාගෙන විශාල ධනස්කන්ධයක් ද තබාගෙන සිටින අය ඕන තරම් ඉන්නවා. මට මේ සියල්ල තිබුණාට කවදාහරි දාලා යනවා කියන ගැඹුරු අවබෝධයකින් කල් ඇතිවම ඉන්නව නම් ගැටලුවක් නැහැ. තමාට සියල්ල නැතිවෙනවාය කියල කලින් දැනගෙන සිටීම, තියාගෙන අතහැරීම කියලා කියන්නේ.

සාක්ෂරතාවය බැරි අවුරුදු 7 ක් වු ‘චුල්ල පන්තක හාමුදුරුවෝ’ ගාථාවක් හය මාසයක් පාඩම් කළත්, පාඩම් කරගැනීමට නොහැකි වුණත් චුල්ල පන්තක හාමුදුරුවෝ නිවන් දැක්කා. චුල්ල පන්තක නිවන් දැකගත්තේ මෙම සියල්ල නැති වෙන බව දැනගෙනයි . සුදුපාට ලේන්සුවක් දුවිලි ගෑවෙන ආකාරය දැකීමෙන් එය නිවැරැදිව වටහා ගනු ලැබුවා. රිලේ තරඟයකදී, රිලේ යෂ්ටිය තියාගෙන කවුරුහරි දුවගෙන දුවගෙන ගොස් තවත් කෙනෙකුට දෙනවා. එම පුද්ගලයා එම යෂ්ටියම අරගෙන නැවතත් පෙර පරිදිම දුවනවා. එම රිලේ යෂ්ටිය ගන්නත්, වෙනත් කෙනෙකුට දෙන්නෙත් වෙනත් කෙනෙකුට අතේ තබන තෙක් අරගෙන දුවනවා.

තනතුරුවල ඉන්නෙත් වෙනත් කෙනෙකු පැමිණි දවසට ඒව දීමේ අදහසිනි. එම තනතුරු තමාට අහිමි වන බව කලින්ම දැනගෙන සිටිය යුතුයි. එයට ඇලී ගැලී නොසිටිය යුතුයි. එය හිතින් අතහැරිය යුතුයි. තමා සතු ඉඩකඩම් ගේදොර සියලුම වටිනා වස්තූන්ද කවදා හෝ අතහැර දමා යා යුතු වන බව වටහාගත යුතුයි.

ආවාහ විවාහ වන්නේ ශරීරයෙන් බැඳෙන්නේ හිතෙනි, හිතෙන් බැෙඳන්නේ නැතිව ශරීරය බඳීන්නත් පුළුවන්, ඇඟ බැඳල හිත වෙනත් තැනක බැඳිල තියෙන්නත් පුළුවන්, එනිසා බඳින එකයි, බැඳෙන එකයි දෙකක් මිස එකක් නොවේ. ඇග බැදෙන්නේ නැතිව හිත බැඳීමේ අවස්ථා තියෙන්න පුළුවන්. පවුල් ජීවිතයකට වැදගත් වන්නේ බැඳෙන එක මිසක් බඳීන එක නොවෙයි. නිවනට නම් බඳින එක ප්‍රශ්නය නොවෙයි බැෙඳන්නේ නැත්නම්,පවුල් ජීවිත සාර්ථක වන්න නම් බැ‍ෙඳන්න ඕනෙ. නිවන් දකින්න නම් නොබැඳි ඉන්න ඕනෑ. එනිසා බැෙඳන්නේ නැතිව බඳින්න පුළුවන්.

නිවන් දැකීම සඳහා අතිශයින්ම වැරැදි අදහස් රාශියක් හිතේ තියාගෙන ජීවත් වෙනවා. ශරීරය කැලයක තැබීම, හිසකොණ්ඩ කැපීම හෙවත් ජීවත් වෙනවා කහවත් දැරීම, පොහොයට සුදුවතක් හැඳීම ශරීරය තුළ මෙම සියලුදේ දරාගෙන හිතෙන් දරාගෙන සිටීම නිවන සඳහා පවතින වැරැදි ආකල්පයන් ය. තමන් ළඟ තියෙන වස්තුව සියල්ල අතහැර දීම තුළින් හිඟන්නෙක් වෙලා මහපාරට වැටෙන්න පුළුවන්.

නිවන් දැකීම කෙසේ වෙතත්. නිවන පිළිබඳව වැරැදි අදහස් ගොන්නක හිරවෙලා අප ජීවත් වෙනවා.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 22 වැනි දා සඳුදා පූර්වභාග 03.33 ට ලබයි.
22 වැනිදා සඳුදා අපරභාග 11.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ජූලි 29 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]