UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

2013 දඹදිව වස් විසීම

2013 දඹදිව වස් විසීම

දඹදිව බුද්ධගයා බරණැස ඉසිපතන මිගදාය ලුම්බිණි සල් උයන කල්කටාවේ ශ්‍රී ධර්මරාජික විහාරය, නවදිල්ලි බුද්ධ විහාරය දන්තපුර කාලිංග බුද්ධ විහාරය උතුරු ඉන්දියාවේ ලක්නව් බුද්ධ විහාරය ආදී බෞද්ධ සිද්ධස්ථානයන් හි 2013 වසරේ ජුලි 22 දාට යෙදී ඇති ඇසළ පුන් පෝදා වස් සමාදන් වීමත් සමඟ වස් තුන් මාසය පුරා දිනපතා පිරිත් දේශනා ත්‍රිපිටක දේශනා භාවනා සහ භික්ෂූන් පුහුණු කිරීමේ ආදී කටයුතු රාශියක් සිදුකිරීමට ඉන්දියානු මහාබෝධි සමාගමේ මහලේකම් භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නා හිමියන්ගේ් අනුශාසනා පරිදි සංවිධානය කර ඇත.

දඹදිව බුද්ධගයා මධ්‍යස්ථානයේ පහත සඳහන් භික්ෂූන් වහන්සේ වස් සමාදන්වීමට ආරාධනා ලැබ සිටිති. දෙල්ගොඩ ධම්මජෝති හිමි, ගණේගම සරණංකර හිමි, ගල්කිරියාගම විමලානන්ද හිමි, හකුරුගම්මන සද්ධාතිස්ස හිමි, බදුල්ලගම්මන සුමනසාර හිමි, කහටගස්දිලියේ මේධංකර හිමි, ගෝමරන්කඩවල හේමරතන හිමි, යටියන්තොට රාහුල හිමි, සමරකන්දේ කෝලිත හිමි, ඇතුළු නම නමක් වස් සමාදන්වන අතර බරණැස ඉසිපතන මිගදායේ පැල්වත්තේ සීවලි හිමි, බෝතලේ ඥාණිස්සර හිමි, රඹුක්වැල්ලේ සුගතවංශ හිමි, බද්දේගම නන්ද හිමි, අඹගස්ආරේ විමලරතන හිමි වස් සමාදන්වන අතර

ලුම්බිරි මධ්‍යස්ථානයේ රත්තනදෙණියේ නේමින්ද හිමියන්ද දන්තපුර කාලංග විහාරයේ මීගොඩ අතුලසිරි හිමියන්ද, නවදිල්ලි නුවර බුද්ධ විහාරයේ රත්මල්වෙල සුමිත්තානන්ද හිමියන්ද බිබිලේ සුමන සිරි හිමිපාණෝද වස් සමාදන් වන අතර, කල්කටාවේ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරයේ එගොඩබැද්දේ උපරතන හිමි, කපුගොල්ලෑවේ රතනවංශ හිමි, කිතුල්කන්දේ සුසීම හිමි, ඔක්කම්පිටියේ ධම්මානන්ද හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ වස් තුන් මාසය තුළ වස්සමාදන්ව දෛනික ආගමික කටයුතුවල නිරතව වස් කාලය ගත කිරීමට කටයුතු සූදානම් කර ඇත.

වසර අටසීයයක් දඹදිව බුදුසසුන නැත්තටම නැති වී තිබුණ සමයක ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් 1891 දී ඇරඹු දඹදිව ආගමික ප්‍රබෝධයේ ප්‍රතිඵලයක් ලෙස මේ කරුණු සඳහන් කිරීම නිවැරදි ය.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 22 වැනි දා සඳුදා පූර්වභාග 03.33 ට ලබයි.
22 වැනිදා සඳුදා අපරභාග 11.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ජූලි 29 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]