UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රඥා ප්‍රදීප පූජා

ප්‍රඥා ප්‍රදීප පූජා

කොළඹ මැනිං වෙළෙඳපොළ ආර්ය සිද්ධි සමාජ පදනම මෙහෙයවීමෙන් මෙම 21, 22 දිනවලදී පොළොන්නරුව සෝමවතී සෑ රදුන් අබියසදී පින්කම් මාලාවක් පැවැත්වේ.

වසර 30ක කුරිරු යුද්ධයෙන් අප මාතෘභූමිය නිදහස් කරගත් විශ්ව කීර්ති ශ්‍රීත්‍රිසිංහලාධිශ්වර අතිගරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාටත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ට සහ සියලු රණවිරුවන්ටත් පොලිස්පති තුමා ඇතුළු සියලු පොලිස් නිලධාරීන්ටත්, සිවිල් ආරක්‍ෂක බලකායේ ප්‍රධානී ඇතුළු සියලුම රණවිරුවන්ටත් සියලු ලක්වැසි ජනතාවටත් මෙම ඓතිහාසික පූණ්‍යෙීතසවය සාර්ථක කර ගැනීමට සඳහා උදව් උපකාර කරනු ලබන සියලු දෙනාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සහ යුද සමයේ දී දිවි පිදූ සියලු රණවිරුවන් ඇතුළු සියලු ජාතීන්ට පින් පැමිණවීමේ පින්කමක් සිදු කැරේ.

ජූලි 21 දින සවස බෝධි පූජාව අෂ්ඨපාන සහ නවග්‍රහ ශාන්ති පූජාව සහ ධර්ම දේශනයද පහන් 25000කින් සමන්විතවන ආලෝක පූජාව, නෙළුම් මල් 25000 ක් සහ පිච්ච මල් සහිත මල් පූජාව සහ සුවඳ දුම් පූජාව ද, ජූලි 22 ඇසළ පුර පසළොස්වක් පොහෝ දින පෙරවරු 7.00 ට අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා උදේ කිරිපිඩු දළදා සම්බුද්ධ පූජාව සහ දවල් 10.45 ට ව්‍යංජන 32 ක් සහිත මහා මුළුතැන් දළදා සම්බුද්ධ පූජාව, සවස 7.00 ට මහා ගිලන්පස සම්බුද්ධ පූජාව, අසූ මහා ශ්‍රාවකයින් ඇතුළුව මහරහතන් වහන්සේ 500 නමක් සිහිපත් කොට උදෑසන කිරිපිඬු පූජාව සහ දවල් දානමය පූජාව සහ ගිලන් පස පූජාව, මහා කප්රුක් පූජාව, ගරුතර මහා සංඝයා වහන්සේ සියක් නමක් සහ දස සිල් මෑණිවරු උදෙසා දවල් දානය, මහා සංඝයා වහන්සේ සියක් නමක් විසින් ජය පිරිත සජ්ඣායනා කොට රටට සෙත් පැතීම, අටපිරිකර දහසක්, සිවුරු 500 ක් සහ සංඝයා වහන්සේ සඳහා සෙසු පිරිකර පූජා කිරීම සිදු කෙරේ.

සැදැහැවතුන් දහසක් සහ සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙනුවෙන් දානය පිරිනැමීම සහ උතුරු සළු පූජා කිරීම, පින්කමට සහභාගි වන සියලු බැතිමතුන් වෙනුවෙන් ආහාර සැපයීම, දුගී මගී පින්වතුන් වෙනුවෙන් ආහාර පාන සහ රෙදිපිළි බෙදාදීම, අලි ඇතුන් සහිත සිව්පා සතුන් හා පක්‍ෂීන්ට ආහාර සපයා සතුන්ට මෙත් වැඩීම, පොහොය දින සවස දළදා සම්බුද්ධ ගිලන් පස පූජාවෙන් අනතුරුව සියලු දිව්‍ය බ්‍රහ්මාදීන් උදෙසා මහා මුරුතැන් පූජාව සහ පලතුරු 700 ක් සහ කැවිලි 600 ක පමණ ප්‍රමාණයකින් යුතු දේව පූජාවද පැවැත්වේ.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 22 වැනි දා සඳුදා පූර්වභාග 03.33 ට ලබයි.
22 වැනිදා සඳුදා අපරභාග 11.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ජූලි 29 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]