Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ජනාධිපතිතුමාගේ පියාණන් වන දිවංගත ඩී. ඒ රාජපක්ෂ මැතිතුමාට සහ මෑණියන් වන දිවංගත දන්දිනා සමරසිංහ දිසානායක මැතිණියට පින් පිණිස රාජපක්ෂ පවුලේ ඥාතීන් එක්ව රිදියෙන් කරවන ලද ද්වාර 03 ක් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පූජා කිරීමට කටයුතු කර තිබුණි. ශ්‍රී දළදා සමිඳුන් වැඩ සිටින ස්ථානයට ප්‍රවේශවන දක්ෂිණ ද්වාරය පසුගිය 14 වැනිදා ජනාධිපතිතුමා අතින් විවෘත වූ අයුරු. - ඡායා: සුදත් සිල්වා

අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමියන් බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත වූ අයුරු.

මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුටාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් බැහැදැක සුවදුක් විමසූ හ.

දඹදිව සිද්ධස්ථානයන් අළලා ජනාධිපති ආගමික කටයුතු අංශය මඟින් සම්පාදනය කර කරනු ලැබූ ‘පුණ්‍යවන්ත බුද්ධ භූමි වන්දනාව‘ කෘතිය, එහි කර්තෘ ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී බුද්ධික සංජීව මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් වෙත පසුගිය දා අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී පිළිගන්වන ලද අවස්ථාව.
- ඡායාරූපය: චන්දන පෙරේරා

බොරලැස්ගමුවේ ශ්‍රී නාගරුක්ඛාරාම විහාරාධිපති ඇල්ලේකෝනේ සංඝරක්ඛිත හිමියන්ගේ හා විහාරාධිකාරී මඩුපොත සරණතිස්ස හිමියන්ගේ ආචාර්යත්වයෙන් ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ ඌව පාර්ශවයේ මහානායක අඹේවෙල පඤ්ඤාසාර මහ නාහිමියන්ගේ් උපාධ්‍යායත්වයෙන් දරුවන් නව දෙනෙකු පැවිදි කිරීමේ පින්කමක් පසුගිය දා ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. විජයපුර දේවරක්ඛිත, කොහුකුඹුරේ නන්දරක්ඛිත, ඌරුමුත්තාවේ ඉන්දරක්ඛිත, හෙරළියේ චන්දරක්ඛිත, කුඹුක්වැවේ පේමරක්ඛිත, උරුතකැටියේ බුද්ධරක්ඛිත, මඩුපොත සීලරක්ඛිත සහ අඹගහවත්තේ ඤාණරක්ඛිත නමින් මෙහිදී පැවිදි බිමට ඇතුළත් විය.
සටහන හා ඡායාරූප:
කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර