Print this Article


පෝදා පින්කම්

අනුරාධපුර ජය සිරි මහ බෝධිය

මහාවිහාර ඇසළ පුන් පොහොය වැඩසටහන ජූලි මස 22 දිනට යෙදෙන පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ අනුශාසනා පරිදි පැවැත්වෙන පොහොය වැඩසටහන 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. මෙදින ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. පොහොය දිනට පසු දින මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පෙරවරු 8.00 සිට 10.00 දක්වා භාවනා වැඩසටහන පැවැත්වේ. පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.


කළුතර බෝධිය

පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව පනාපිටියේ විජිතනන්ද හිමි, 8.00 – 11.30 භාවනාව සහ ධර්ම දේශනය, ගම්පහ සිරි සීවලි හිමි, පස්වරු, 1.00 – 3.00 ධර්ම දේශනය පුලියැද්දේ සුධම්ම හිමි, 3.15 – 4.45 ධර්ම දේශනය කළුතර අරියබෝධි හිමි, 5.00 – 6.30 ධර්ම දේශනය පරගස්තොට සුධම්ම හිමි, 6.45 – 7.30 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධි පූජාව (පටිගත කළ එකකි) 7.30 සිට දහම් අරණ තිසරණ භාවනා අසපුව අටවිසි බුද්ධ වන්දනාව, දුක්ඛ සත්‍යය( ධර්ම දේශනය) දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනය, සමුදය සත්‍ය (ධර්ම දේශනය), නිරෝධ සත්‍යය (ධර්ම දේශනය) කවි සජ්ඣායනය, මාර්ග සත්‍යය (ධර්ම දේශනය) පසුදින පෙරවරු 6.00 දක්වා කිරිපිඬු බුද්ධ පූජාව සහ අවසානය.


සේරුවිල රජමහ විහාරය

සේරුවිල රාජමහා විහාරාධිපති නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී කල්‍යාණි වංශික, මහා නිකායේ අනුනායක සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඓතිහාසික සේරුවිල රාජමහා විහාරීය මංගල මහා චෛත්‍ය අභියසදී මෙම 21 – 22 දෙදින තුළ දාන, සීල, භාවනා, ඇතුළු විශේෂ පින්කම් මාලාවක් සිදු කෙරේ.

21 වැනි දා සවස 6.30 ට ඇරඹෙන සුවිසි පට්ඨාන සජ්ඣායනාව, තෙසැත්තෑඤාණ පූජාව, සත් බුදු වන්දනාව මෙහෙයවනු ලබන්නේ බටවල ශ්‍රී සුගත ගුණවර්ධන විවේක සේනාසනයෙහි කෘත්‍යාධිකාරී ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය දිප්පිටිගොඩ සෝමශාන්ත හිමියන් විසිනි.

22 වැනිදා අසිරිමත් ලලාට ධාතු ආලෝක පූජාව, පස්තෙල් පහන් පූජාව, මහා කිරිපිඬු පූජාව, කංචුක පූජාව, සීල භාවනා වැඩසටහන, සෙත් පිරිත් සජ්ඣායනාව පැවැත්වේ. මෙම පින්කම්වලට අමතරව සේරුවිල ප්‍රදේශවාසී ගොවීන් වෙත කෘෂි උපකරණ බෙදා දීමක් ද සිදු කෙරේ.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

පෙරවරු 6.30 උපෝසථ ශීල සමාදානය, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව, සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නා හිමි, 8.00 වෙසෙසි දෙසුම දර්ශනපති ආනන්ද සිල්වා මහතා, 10.00 ධර්ම දේශනය හටංගල අමරවංශ හිමි, 11.30 දහවල සම්බුද්ධ පූජාව, රම්මලේ අරියවිසුද්ධි හිමි, පස්වරු 12.45 තෙරුවන් ගුණ සහ පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා සමග සිල් පිරිස, 2.00 විශේෂ ගිහි දේශනය සහ දහම් සාකච්ඡාව ආචාර්ය තමින්ද කුමාර මහතා, 3.00 ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, 4.00 ධර්ම දේශනය කොහොලංකල කෝවිද හිමි, රාත්‍රි 7.00 බෝධි වන්දනාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි ප්‍රධාන ධර්මායතනවාසී මහා සංඝරත්නය, මෙදිනද බුදුසරණ පුවත්පත ධර්මදානය වශයෙන් බෙදා දීමෙන් දායකත්වය දරනු ලබන්නේ අමරා ගමගේ මහත්මිය සහ චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සහ සෝමා කුමාරිහාමි මහත්මීන් විසිනි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයෙහි ඇසළ පොහෝ දින අලුයම 05.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවික පූජාවක් ද පෙරවරු 8.00 සිට 9.00 ධර්ම දේශනාව ආචාර්ය රංමුතුගල බුද්ධවංශ හිමි, 9.15 සිට 11.00 ධර්ම දේශනය පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් පස්වරු 12.30 සිට 1.00 දක්වා ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ඣායනය, 1.00 සිට 2.00 ධර්ම දේශනය දාස්වත්තේ සුමනසීල හිමියන්, 2.15 – 5.00 භාවනාව පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් සවස 6.00 ට මල් පහන් ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවික පූජාව පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් විසින් පවත්වනු ලබයි.


බෙල්ලන්විල රජමහා විහාරය

පොහෝ දින වැඩසටහන් මෙසේ ය. පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම, 7.00 බුද්ධ පූජාව 8.30 ධර්ම දේශනය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, 10.00 භාවනාව තලාවේගම සද්ධාතිලක හිමි, පස්වරු 1.30 ට ජාතක ධර්ම දේශනාව මොරගොඩ සුධම්ම පොඩි හාමුදුරුවෝ, 2.00 ට ධර්ම දේශනය කුකුල්පනේ සුදස්සී හිමි, 3.00 ට ධර්ම සාකච්ඡාව බෙල්ලන්විල විමලරතන අනු නාහිමි, මහාචාර්ය ජී.ආරියපාල පෙරේරා, ශාස්ත්‍රපති පී. වීරතුංග මහතා, 4.30 ට ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි, 6.00 සිල් පවාරණය පූජාව 7.30 ට රත්තොට සීලවංශ හිමියන් මෙහෙයවන බෝධි පූජාව.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී ඇසළ පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. මෙදින උදෑසන අටසිල් සමාදන් කරවීම මල් පහන් කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. උදේ ධර්මදේශනාව ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් විසින් අටවිසි බෝමලුවේ දී පැවැත්වේ.

සවස කිරිවෙහෙර රාජ මහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට පැමිණ බෝධීන් වහන්සේ සුවඳ පැණින් නහවා මල්පහන් පූජා කිරීමෙන් අනතුරුව බෝධි පූජාව අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් පවත්වනු ලැබේ.

රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමළුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධිපූජාව පැවැත්වේ. කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් පන්දහසක (5000) ආලෝක පූජාව පැවැත්වේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්මදේශනාව බොරැල්ලේ කෝවිධ හිමි 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දෙසුම, මහාචාර්ය කේ.පී.එස්. චන්දන ජයරත්න මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව දර්ශනපති අගලකඩ සිරිසුමන හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සී හිමි, 6.00 – 6.30 බෝධි පූජා ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ඇමරිකාවේ හවායි බෞද්ධ මධ්‍යස්ථානවාසී විනයාචාර්ය හිඟුරක්ගොඩ විභාවි හිමි, 8.00 – 9.00 භාවනාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව රත්මලාන මල්ලිකාරාමවාසී ශාස්ත්‍රපති පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව, අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව, බංගලිදේශයේ සද්ධානන්ද හිමි, ඕපනායක ධම්මවිරාග හිමි, පස්වරු 12.35 –1.00 පිරිත් හා තෙරුවන් ගුණ බලංගොඩ ධම්මරක්ඛිත හිමි කණංකේ ධම්මික හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.30 ධර්ම දේශනාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය පැපිළියාන සුනේත්‍රාදේවි බාලිකා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත උඩපේරුවේ රතනසාර හිමි, 5.30 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමය

පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව ශ්‍රී ජයශේඛරාරාමාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 ට සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි 8.00 – 9.00 භාවනා වැඩසටහන විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 දක්වා ධර්මදේශනය ආචාර්ය ශාස්ත්‍රපති දෙනගම සුධම්ම හිමි, 10.30 – 11.00 දහවල් සම්බුද්ධ පූජාව විහාරාධිපති, තලල්ලේ සිරිමහින්ද නා හිමි, 12.15 – 12.45 ට බුද්ධානුස්සති භාවනාව විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය. 2.15 – 3.15 ට ධර්ම දේශනය සෙවණගල අජිත හිමි, 3.30 – 4.30 භාවනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ට ධර්ම දේශනාව කෙසෙල්පොත සුමනවංශ හිමි, 6.45 – 7.45 සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව, 8.00 – 9.00 දක්වා රාත්‍රී ධර්මදේශනය (පටිගත කරන ලද)


බම්බලපිටිය සිරි වජිරාරාමය

පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද අනු නා හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර හිමි, 9.00 – 9.45 ජාතක කතා පොතෙත් පිටිපන ශාසනරතන හිමි, 9.45 – 10.00 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදිත හිමි, පස්වරු 12.30 – 1.45 සෙත් පිරිත් සහ තෙරුවන් ගුණ සජ්ඣායනය කඹුරුගමුවේ මහානාග හිමි, 1.15 – 2.45 ධර්ම සාකච්ඡාව කර්මස්ථානාචාර්ය දියසෙන්පුර විමල හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 4.00 – 5.00 ගිහි දේශනාව ශාස්ත්‍රපති ජයසේන එදිරිසිංහ සූරිහු, 5.00 – 6.00 ධර්මදේශනය රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ පූජාව සහ සිල් අලුත් කිරීම වේරදූවේ මහින්ද හිමි.


කොළඹ තරුණ බෞද්ධ සංගමය

සෑම පුර පසළොස්වක පෝය දිනකම පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා පවත්වනු ලබන සීල භාවනා වැඩසටහනට බුද්ධ පූජා, ධර්ම දේශනා, භාවනා වැඩසටහනක් සහ ධර්ම සාකච්ඡා ද ඇතුළත් ය.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

කටුබැද්ද තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ඇසළ පුර පොහෝ දින වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.30 උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් කරවීම, 8.00 – 9.00 භාවනා වැඩසටහන වඳුරඹ ඤාණාලෝක හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පුවක්ගහහේනේ සුමංගල හිමි, 10.45 – 12.00 දවල් සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි, පස්වරු 12.30 – 2.00 ධර්ම සාකච්ඡාව, ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා, 2.00 – 3.00 ජාතක කතා දේශනාව ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා, 3.00 – 4.00 කාව්‍යමය ධර්ම දේශනාව හඟුරන්කෙත ඥානින්ද පොඩි හාමුදුරුවන් වහන්සේ 4.00 – 5.00 මහ පිරිත් දේශනාව සහිත මහා සමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ ස්වාමීන් වහන්සේලා විසින්, 6.30 සිල් පවාරණය සිදු කිරීම හා ගිලන්පස බෝධි පූජාව සිදු කිරීම ධර්මායතනාධිපති නා හිමි. පෙරවරු 8.00 බුදුසරණ පත්‍රය බෙදාදීම විජයරූපාරාම ධර්මායතනය මඟින්.


හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය

වත්තල, හුණුපිටිය, ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ මහා විහාරස්ථානයෙහි ඇසළ පුන් පෝදා පෙරවරු 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා පින්කම් රාශියක් පැවැත්වීමට විහාරාධිපති වලවෙල හේමානන්ද නාහිමිගේ උපදෙස් පරිදි කටයුතු යොදා ඇත.

දාන, සීල, භාවනා, ධර්මදේශනා, ධර්මසාකච්ඡා ඇතුළු වැඩසටහන් මෙදින සිදු කෙරේ. මෙම පින්කම් සඳහා දේවගොඩ පියරතන හිමි අම්බලන්ගොඩ නන්ද හිමි, දළුගම සමිතඥාන හිමි, බුත්කන්දේ රතනජෝති හිමි, වේවැල්දූවේ ධම්මකිත්ති හිමි, ඇලපිටිවෙල නන්දවිමල හිමිවරුන් හා ගාල්ලේ සුධම්මචාරි දසසිල් මාතාව සහභාගි වේ.


වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

පොහෝ දින වැඩසටහන මෙසේ ය. පෙරවරු 6.00 –7.00 ශීල සමාදානය අනුශාසනාව හා භාවනාව මෙහෙයවීම ශාස්ත්‍රපති මහරගම මහින්ද නා හිමි, 8.00 – 9.00 ධර්මදේශනාව බෙල්ලන්විල රජමහා විහාරවාසී අතපත්තුකන්දේ ආනන්ද නාහිමි, 9.00 – 10.00 කොළඹ අරලියගහ මන්දිරයේ සිට විකාශනය වන ධර්මදේශනාව 10.00 – 11.00 ධර්මාචාර්ය චන්ද්‍රසෝම ගිනිගේ මහතා, පස්වරු 12.00 – 1.00 පිරිත් දේශනාව 1.00 – 2.30 භාවනාව ධර්මාචාර්ය ශාන්ත ජෝතිවංශ මහතා, 3.00 – 4.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති මහගම සුවිනීත හිමි, 4.00 – 5.00 විහාරවාසී දේශීය විදේශීය ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කිරීම. 5.30 – 6.00 ගිලන්පස බුද්ධ පූජාව ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි.


පිළියන්දල සංකල්ප විහාරය

පිළියන්දල, මාකන්දන සංකල්ප මහවිහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන දහසකට අධික පිරිසක් සහභාගි වන සිල් වැඩසටහන සමඟ දවසපුරාම පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත. පෝදා පෙරවරු 5.00 ට කිරි ආහාර බුද්ධ පූජාව, සමඟින් වැඩසටහන් ආරම්භ වේ. ආටිගල අමිතදේව හිමි, දූවේ ඉන්ද්‍රසිරි හිමි, ගොම්බද්දල දමිත හිමි, මොරකැටි ආරේ ධම්මික හිමි, දැල්තර ඤාණසිරි යන හිමිවරුන්ගේ ධර්ම දේශනා පැවැත්වේ.


හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාමය

අඹතැන්න, හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාර ඇසළ පෝදා ආගමික වැඩසටහන ශ්‍රී සුභද්‍රාරාම දහම් පාසල මූලිකත්වයෙන් කාර්ය සාධක සමිතිය මඟින් ක්‍රියාත්මක කෙරේ. විහාරාධිපති අධිකරණ සංඝනායක බටුගොඩ, සංකිච්චායන හිමි ප්‍රධානත්වයෙන් සවස පහට වස් ආරාධනා වැඩසටහන පැවැත්වේ.