Print this Article


ශ්‍රී දළදා සමිඳු තේවා මුර මාරුව මෙවර මල් වතු මහා විහාරයට

ශ්‍රී දළදා සමිඳු තේවා මුර මාරුව මෙවර මල් වතු මහා විහාරයට

මහනුවර, ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිඳු තේවාව මුර මාරුව, අස්ගිරි මහා විහාරයෙන් මල්වතු මහාවිහාරයට පැවරීමේ චාරිත්‍රය පෝයදායින් පසුදින සිදු කෙරේ.

2013 වසරේ සිට ශ්‍රී දළදා සමිඳු තේවාව පවත්වාගෙන ගිය අස්ගිරිය පාර්ශ්වයේ අතිගරු මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහානාහිමියන් ප්‍රධාන අස්ගිරි මහා විහාරයේ තේවාව බාරව වැඩ සිටි සඟරුවන වෙතින් සම්ප්‍රදායානුකූල චාරිත්‍රය අනුව ඉදිරි වසරේ 2013 – 2014 ඇසළ පෝය තෙක් තේවා මුර චාරිත්‍රය භාරකාරත්වය මල්වතු පාර්ශවයේ අතිගරු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් වහන්සේ ප්‍රධාන තේවාව බාරව සිටින මල්වතු විහාරයේ සඟරුවන විසින් බාරගන්නවා ඇත.එම අවස්ථාවට මල්වතු අස්ගිරි අනුනාහිමිවරු ලේඛකාධිකාරි හිමිවරු ඇතුළු ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද සහභාගි වෙනු ඇත.

මෙදින ශ්‍රී දළදා සමිඳු තේවාව භාරව වැඩම කරන මල්වතු මහා විහාරයේ මහා සංඝයාවහන්සේලාට වස් ආරාධනාව ලබා ශ්‍රී දළදා මාලිගාවේ මෙම වසරේ සිට 2014 ඇසළ පෝය දිනය තෙක් වැඩ සිටිනු ඇත.