Print this Article


පිහිට පතයි

පිහිට පතයි

සීදුව, අමන්දොළුව, ඇත්වටය පාර අංක 123 ‘බී’ හි පදිංචි පී. එච්. එම්. සුනිමල් නමැති අය වකුගඩු රෝගයකින් පෙලේ. ඔහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය ආර්. ලැනරෝල් මහතා දන්වා තිබේ.

‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වේනම් දුරකතන අංක 0717423193 ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් ලංකා බැංකුව සීදුව ශාඛාවේ ගිණුම් අංක 9754608 ඔබගේ මුදල් ආධාර බැර කළ හැකියි.


අංක 154 / 1 ගාළු පාර, පින්වත්ත, පානදුර යන ලිපිනයේ පදිංචි කේ. ඩබ්. සිල්වා යන අය තදබල වකුගඩු රෝගයකින් පෙළේ. ‘බී’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරයාගේ නිගමනය යි. ‘බී’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙක් වේ නම් දන්වන ලෙස ඉල්ලා සිටියි. දුරකතන අංක 034 22 29529, 0382238856 න් වැඩිවිස්තර ලබා ගත හැකියි.


විහාරස්ථාන හා ස්වාමීන් වහන්සේලාට මෙන්ම පොදුවේ සමාජ මෙහෙවරක නිරත මහත්මයෙකුට වැළඳී ඇති වකුගඩු රෝගයකින් ඔහු සුවපත්කර ගැනීම සඳහා “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට වෛද්‍යවරු නිර්දේශකර ඇත.

වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වෙත්නම් කරුණාකර දුරකථන අංක 0773261212 හෝ පහත ලිපිනයට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.