Print this Article


උපසම්පදා ලබති

උපසම්පදා ලබති

දැනට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ගෞරව ශාස්ත්‍රවේදී උපාධි අවසන්ව සිටින කැලණි විශ්ව විද්‍යාලයේ දර්ශනපති උපාධි අපේක්ෂාවෙන් සිටින ගෞරව ශාස්ත්‍ර‍්‍රවේදී ගම්මැද්දේගොඩ සුවච හිමියන් අම්බලන්ගොඩ මහචේතිය පිරිවෙන් බද්ධසීමා මාලක උපෝසථාගාරයේ දී අධිශීල උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබීය.

 

 


කඹුරුගමුව, කනත්තගොඩ, පුරාණ ඇත්කඳ රජමහා විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී හිග්ගොඩ ඤාණරතන හිමියන්ගේ ශිෂ්‍ය ගින්නලියේ ඤාණිස්සර හිමියෝ ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යාණ සාම ශ්‍රී මංගල උපෝෂතාගාරයේ දී නොබෝදා අධිශීල උපසම්පදාව ලැබූහ.



 


මිරිහානේ විවේකාරාමවාසී, ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනයෙහි උසස් අධ්‍යාපනය හදාරණ, කිතලගම සුමේධ හිරියාලේ සුමන සාමණේරයන් වහන්සේ දෙනම, මේ මස මස 06 වන දින, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනස්ථ සීමා මන්දිරයේදී, අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත,වැලිගම ඤාණරතනාභිධාන මා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබිනි.

උන්වහන්සේ දෙනම අපවත්වී වදාළ කිතලගම පඤ්ඤාසාරාභිධාන නා හිමිපාණන් වහන්සේගේ සහ වර්තමාන විවේකාරාමාධිපති, අමරපුර ශ්‍රී‍්‍ර ධර්මරක්‍ෂිත මහා නිකායේ සම ලේකඛාධිකාරි, මහරගම ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි, විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති කිතලගම හේමසාර හිමියන්ගේ ශිෂ්‍යයෝ වෙති.