Print this Article


ආබාධිත දරුවන් වෙනුවෙන් රෝද පුටු පරිත්‍යාගයක්

ආබාධිත දරුවන් වෙනුවෙන් රෝද පුටු පරිත්‍යාගයක්

අස්ගිරි මහා විහාරීය ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයාධිපති ආචාර්ය ගොඩගම මංගල හිමියන්ගේ අනුශාසකත්වයෙන් අස්ගිරි මහා විහාරවාසී ඓතිහාසික යටිහලගල රජමහා විහාරාධිකාරි වතුරකුඹුරේ ධම්මරතන හිමිගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන් විසින් පරිත්‍යාග කළ නවීණ තාක්ෂණික පහසුකම් සහිත රෝද පුටු වයස අවුරුදු 18 ට අඩු ආබාධිත දරු දැරියන් වෙනුවෙන් නොමිලේ පරිත්‍යාග කිරීමට අපේක්ෂා කරයි.

අවශ්‍යතාවය ඇති දරුවන් ශ්‍රී චන්දානන්ද අධ්‍යාපන සත්කාර පදනම, රජමහා විහාරය, යටිහලගල , මහනුවර යන ලිපිනයට ලියා දැන්වීමෙන් හෝ 0716587435 නිහාල් හෝ 0721060074 සාලිය යන අයගෙන් විමසා හෝ අවශ්‍ය විස්තර ලබාගත හැකියි.