Print this Article


ඇසළ මහා සිසු පෙරහර කොළඹ දී

ඇසළ මහා සිසු පෙරහර කොළඹ දී

ඇසළ මහා සිසු පෙරහර මෙම ඇසළ පුර පසළොස්වක පෝදා (22) සවස 2 ට කොළඹ මහානාම විද්‍යාලයෙන් ආරම්භ කැරේ.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවයට සමගාමීව බුදුරජාණන් වහන්සේගේ් මංගල දම් දෙසුම පවත්වා 2600 වසර යෙදී තිබූ රාජ්‍ය වර්ෂ 2011 දී ඇසළ මහා සිසු පෙරහර පළමුවර පවත්වන ලදී. එම ඇසළ සිසු පෙරහර කොළඹ ලුමිබිණි විද්‍යාලයේ සිට ඉසිපතන විද්‍යාලය හරහා ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයට ළඟාවූහ. ඉකුත් වසරේ ඇසළ මහා සිසු පෙරහර කොළඹ මහානාම විද්‍යාලයේ සිට ගංගාරාමය දක්වා පැවැත්විණි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ් උපදෙස් පරිදි මෙවර ද ඇසළ මහා සිසු පෙරහර කොළඹ මහානාම විද්‍යාලයේ සිට ගාලුපාර ඔස්සේ ගංගාරාමය වෙත වීදි සංචාරය කෙරේ.

ජාතික සමගිය වර්ධනය වන අයුරින් පාසල් සිසුන් 15000 ක් පමණ මෙවරද එම සිසු පෙරහරට සහභාගි වනු ලැබේ. එම ඇසළ සිසු පෙරහර නැරඹීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන අග්‍රාමාත්‍යතුමා සහ මැති ඇමැතිවරු ඇතුළු විදේශීය තානාපතිවරුන් ප්‍රභූන් රැසක්ද සහභාගිවීමට නියමිතය. බුද්ධ ප්‍රතිමා වහන්සේ පෙරටු කර ගනිමින් සාමණේර ස්වාමින් වහන්සේලා 500 නමක්ද එම ඇසළ සිසු පෙරහරේ වැඩම කරනු ඇත.

එම සිසු පෙරහර සඳහා රාජ්‍ය හා පෞද්ගලික විවිධ ආයතන මගින් අනුග්‍රහ කටයුතු සිදු කැරෙන අතර දන්සල් ද පැවැත්වේ. කොළඹ ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන් ද පෙරහර සඳහා සහාය ලබාදී ඇත.