Print this Article


සංකල්ප විහාරයේ පින්කම් මාලාව

සංකල්ප විහාරයේ පින්කම් මාලාව

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන දින සියයක පින්කම්මාලාව ජූලි 12 වන දින සිට ආරම්භ කිරීමට විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු සංවිධානය කර තිබිණි. ලක්වැසි සැමට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මෙදින සිට දිනපතා රාත්‍රි 7.00 ට අටවිසි ගිලන් පස බුද්ධ පූජාව සහ බෝධි පූජාව පැවැත්වේ. වප්පුර පුර පසළොස්වක පෝදාට දින සියය පිරීමට නියමිත අතර එදින සිට ධර්ම දේශනා මාලාව ආරම්භ වේ.