UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මයේ තිබෙන විශේෂ ගුණ

 ධර්මයේ තිබෙන විශේෂ ගුණ

ධර්මයේ තිබෙන විශේෂ ගුණ තමයි “එහිපස්සිකො’’ සහ ‘’ඕපනයික’’ ගුණ. ඇවිත් බලන්න කියා උන්වහන්සේ වදාළේ ඇදකුද සොයන එකට නොවේ. මේ දහම් කරුණු මගේ ජීවිතයට සම්බන්ධ කර ගන්නේ කොහොමද කියා සිතීමයි. අපගේ අඩුපාඩු සකසා ගැනීමට යි ධර්මය ඇසිය යුත්තේ. එසේ ධර්මය අසනවිට අප තුළ තිබෙන දුරාචාරකම් නො පවත්කම් සදාචාර විරෝධි ක්‍රියාවන්ගෙන් වළකින්න පුළුවන්කම තිබෙනවා

තථාගතයන් වහන්සේගේ ධර්මය පිළිසරණ ලබන්නට නම් ඒ දහම තමා තුළට පමණුවා ගන්න ඕන. ධර්මයේ තිබෙන විශේෂ ගුණ තමයි “එහිපස්සිකො’’ සහ ‘’ඕපනයික’’ ගුණ. ඇවිත් බලන්න කියා උන්වහන්සේ වදාළේ ඇදකුද සොයන එකට නොවේ. මේ දහම් කරුණු මගේ ජීවිතයට සම්බන්ධ කර ගන්නේ කොහොමද කියා අපගේ අඩුපාඩු සකසා ගැනීමටයි අප ධර්මය ඇසිය යුත්තේ. එසේ ධර්මය අසනවිට අප තුළ තිබෙන දුරාචාරකම් නො පවත්කම් සදාචාර විරෝධි ක්‍රියාවන්ගෙන් වළකින්න පුළුවන්කම තිබෙනවා. එහෙම බණ අහන අයගේ අඩුවක් අද අප දකිනවා. බණ ඇහෙන සහ ඕනෑවට එපාවට පින්කම් වලට සහභාගිවන පිරිස ඇතැම්විට අද වැඩියි.

අප රටේ සම්ප්‍රදායක් තිබෙනවා මියගිය ඤාතියා සිහි කරමින් හත් දවසේ, තුන්මාසේ අවුරුද්දේ පින්කම් කරනවා. මේ බණ ගෙවල්වලට එන බොහෝ පිරිස යන්නේ බණ අසන්නට වඩා ජීවත්වන නෑයින්ට තිබෙන සැලකිල්ලට යි

ඒ වගේම ධර්ම දේශනාවට ස්වාමින් වහන්සේ නමක් වැඩියම නිවස ඇතුලේ විවිධ වැඩ කරනවා, උස් හඬින් කථාබහ කරනවා. ඒ ස්වාමින් වහන්සේට ධර්ම දේශනා කරන්න අමාරු අවස්ථා තිබෙනව. එසේ බණ අසන තැන්වල මිනිසුන්ගේ අධ්‍යාත්මික වර්ධනයක් ඇතිවෙනවා කියා හිතන්න අමාරුයි. එය ධර්මයේ අඩුවක් නොවේ බණ අහන අය පුරුදු කරපු ක්‍රමයේ වැරැද්දක්.

අප දන්නවා ඇස, කන, නාසය, දිව, කය, මනස ආශ්‍රය කරගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ උපදිනවා. මේ දේවල් තථාගයන් වහන්සේ වැඩ සිටින කාලයේදීත් තිබුණා. නමුත් ඒවා පිනවන්නට මිනිසුන්ට එදා එතරම් වුවමනාවක් තිබුණේ නැහැ. මිනිසුන් ඒවා පිනවන්න යෑම තුළ සිදුවන ආදීනව ධර්මය තුළින් විමසා බැලුවා. ඒ ධර්මය තුළින් දැකල තිබුණ නිසා ඔවුන් ඒවායින් වැළකුණා. ඒ නිසා එදා කාලයේ අපරාධ අඩුවුණා.

අද මේ තිබෙන තොරතුරු තාක්ෂණය දියුණුවත් සමඟ සිදු වූ දෙයක් තමා හොඳ හා නරක දෙකම ප්‍රචාරය වීම. එදා රජ කාලයට වඩා අද ලොව පුරා බුදුදහම ප්‍රචාරය වෙලා තිබෙනවා. විශ්ව ගම්මානයක් බවට පත්වීමත් සමග ධර්මය විකාශනය වෙලා එය හදාරණ පිරිසත් වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම තොරතුර තාක්ෂණයේ මහිමය නිසා අපරාධ ව්‍යාප්ත වී තිබෙනවා. දැන් සිදුවන අපරාධවලට දෙන ප්‍රසිද්ධයත් වැඩිවෙලා. ඒ ප්‍රසිද්ධය වැඩිවීමි තුළ මිනිසුන් හොඳ දේවලට දෙන ප්‍රසිද්ධිය ටික ටික අඩුවෙලා තිබෙනවා.

බොහෝ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය කරන දෙයක් තමා ඒ අයගේ පේ‍්‍රක්ෂකයන් වැඩිකර ගැනීම සඳහා වෙළෙද දැන්වීම් වැඩිකර ගන්න හොඳ ප්‍රවෘත්තිමය වටිනාකමක් තිබෙන දේ ලෙස අපරාධ වැඩිපුර භාවිතා කරනවා. ඒවා නැවත රඟ දක්වා පෙන්වනවා. ඒ තුළින් අපරාධ අදවනවිට සාමාන්‍යකරණීය වෙලා තිබෙනවා. ඉස්සර මනුස්සයෙක් මරුණාම අප අනේ අපොයි කියනවා. ඒත් අද යන්නේ කී දෙනෙක් මැරණාද කියා. එයට මාධ්‍යයත් වගකිව යුතු වෙනවා.

අපරාධවලට දෙන ප්‍රසිද්ධිය වැඩිවෙලා තිබෙනවා. මේ හැම අංශයකම තිබෙනව පුංචි දුර්වලතා නිසා තමා මේ සමස්ත පරිහානිය උදාවෙලා තිබෙන්නේ. සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශනාවක් චෛත්‍ය වන්දනා ආදි දේ සජීවී ලෙස පටිගත කර හරි විකාශනයක් කරන අවස්ථා බොහෝ අඩුයි. නමුත් රැය පුරා සංගීත සංදර්ශන ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. එයට අනුග්‍රහයක් තිබෙනවා. එයින් වෙන්නේ මිනිසුන්ගේ කෙලෙස් ඇවිස්සීම නම් කෙලෙස් ඇවිස්සීම තුළ මාරාවේශය ආරූඪ වෙලා විවිධ අපරාධ කරනවා නම් ඒවාට අප හැමෝම වගකිවන්න ඕන. එනිසා එක අංශයකට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව පොදු ධර්මතා ලෙස ඒවා හඳුනාගෙන කටයුතු කරන්න අප උනන්දු වෙන්න ඕන. තථාගතයන් වහන්සේ වදාළේ ධම්මකාමො භවංහෝති - ධම්මදෙස්සී පරාභවෝ කෙනෙක් ධර්මකාමීව ජීවත් වෙනවානම් ඔහුට දියුණුවක්ම යි වන්නේ. කෙනෙක් ධර්මයට ද්වේෂ කරමින් ධර්මයට පිටුපා යනවානම් ඔහුට අයත් වන්නේ පරිහානියම තමා. අප හොයා බලන්න ඕන ධර්මයට පිටුපා යන්න හේතු මොනවාද? ධර්මය තමාට පිටුපා යන්න හේතු මොනවාද කියා. එහිදී බොහෝ විට ධර්මය තුළින් තමන්ට වාසි ලෙස සොයා ගන්නට නොහැකි වූ විට ධර්මය පිටුපා යනවා. ඒ වගේම ධර්මය තමාගේ ජීවිතයට ගලපා ගන්නේ කොහොමද කියාල තේරෙන්නේ නැති නිසාත් අකටයුතුකම් කරනවා. එනිසා අප ධර්මය අසන්න ඕන ධර්මානුකූ®ලව අප තුළ තිබෙන අඩුපාඩු සකසා ගැනීමට යි. එහෙම නැතිව ධර්මය තිබෙන අඩුපාඩු සොයන්න නොවේ.

අප අවංකවම තථාගතයන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගලපා ගෙන මගේ අඩුපාඩු හදා ගන්න ඕන කියා සිතුවානම් ඔහුට දියුණුක්ම යි වන්නේ. තමාගේ දුර්වලතා හඳුනාගෙන ඒ දුර්වලතා වලට පිළියම් ලෙස ධර්මයේ යෙදෙන්න පුළුවන්නම් එයාට අයිති වන්නේ දියුණුවක්ම යි.

අප කාටත් පංචකාම සම්පත් නැති තැන ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ කාම සම්පත් හමුවේ ඇලෙන්න, ගැටෙන්න මුලාවට යන්නේ නැතිව ඒවා පරිහරණය කරන්න අප පුරුදු වෙන්න ඕන. ඒවා තුළ අනවශ්‍ය ආකාරයට සන්තර්පනය වෙලා කයින්, වචනයෙන්, සිතින් දුරාචාරයේ නො යමින් අවංකවම සම්පත් පරිහරණය කරන්න ඔබ දක්ෂ වෙන්නත් ඕන.

තථාගතයන් වහන්සේ අපට වදාළේ නැහැ රූප බලන්න එපා ඇස් දෙක වහගෙන ඉන්න කියා. උන්වහන්සේ වදාළේ රූප බලන්න. නමුත් ඒවා පරිහරණය කරන විට තමාගේ හැඟීම් කෙලෙස් අවුස්සා ගන්නේ නැතිව ඒවා පරිහරණය කරන්න උත්සාහ කරන්න කියල යි. කෙලෙස් ඇවිස්සෙන්නේ නැති විදිහට සමාජයේ කටයුතු කළොත් ඔහුට ශාන්තියක් යහපතක්ම යි සිදුවන්නේ.

සටහන: නයනා නිල්මිණි

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 15 වැනි දා සඳුදා අපරභාග 09.05 ට ලබයි.
16 වැනි දා අඟහරුවාදා අපරභාග 08.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 16 වැනිදා අඟහරුවාදාය.

මී ළඟ පෝය
ජූලි 22 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]