Print this Article


පිහිට පතයි

පිහිට පතයි

103/ඒ පින්නවල, වග පදිංචි ආර්.පී. ප්‍රේමවර්ධන මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි. ඒ සඳහා පරිත්‍යාගශීලියකු වෙතොත් දුරකථන අංක 0112 831024, 071 2360447 දැනුම් දෙන ලෙස කාරුණික ඉල්ලීමක් කෙරේ.


පරගහකොටුන්න, කාලවිල, බේරුවල පදිංචි එස්.ඒ. පි‍්‍රයන්තා මල්කාන්ති නමැති 43 හැවිරිදි දෙදරු මවගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇත.

ඇයට වකුගඩුවක් බද්ධ කිරීමට විශාල මුදලක් වැයවන බව වෛද්‍යවරු පවසා ඇත. ඉතා අසරණ ජීවිත ගතකරන මොවුන්ට ඒ සඳහා වත්කමක් නොමැති බැවින් කිසියම් අයෙක් සිටී නම් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හෝ මහජන බැංකු අලුත්ගම ශාඛාවේ ඒසී – 084 – 2 – 001 – 8 – 0017225 ගිණුම් අංකයට ආධාර මුදල් හෝ බැර කරන මෙන් ඉල්ලීමක් කරයි.

072 6660465, 072 5385558, 071 8328042 යන දුරකථන අංක වෙතින් වැඩිවිස්තර ලබාගත හැක.


බ/දඹවින්න ශ්‍රී සරණංකර මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරන නිමල් රත්නායක මහතා දරුණු වකුගඩු ආබාධයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටී. එම රෝගී තත්ත්වයෙන් සුවය ලැබීමට නම් “ බී හෝ ඕ පොසිටිව් නෙගටිව් වර්ගයේ” වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇත. එමෙන්ම ඖෂධ සඳහාත් විශාල මුදලක් වැය වන බැවින් ඔබගේ උපකාරය බලාපොරොත්තු වේ. වැඩි විස්තර සඳහා දුරකථන අංක 071 6988929 හෝ 071 8019417 ට ඔහු දැනුම් දෙන මෙන්ද ඔබගේ පරිත්‍යාගයන් ඔහු නමින් කොට්ටාව සෙලාන් බැංකුවේ විවෘත කර ඇති අංක 0330 012 49204 – 101 දරන ගිණුමට බැර කරන මෙන්ද ඉල්ලීමක් කෙරේ.