Print this Article


ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය

ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය

අතුරලිය යහමුල්ලේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පූජෝත්සවය 26 වැනි වරටත් ජූලි 16 දා සිට 23 දා දක්වා පැවැත්වේ. පූජා භූමියක් වශයෙන් දැනට සංවර්ධනය වෙමින් පවත්නා මෙම පුණ්‍ය භූමියේ ඉතිහාසය කුමරදස් රජ සමය දක්වා පැතිරී යයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දිසා පාලක ධූරන්ධර අතුරලිය ශ්‍රී සුදර්ශන විහාරාධිපතිව වැඩ සිටි අපවත්වී වදාළ කරගොඩ උයන්ගොඩ අරියසීල නාහිමියන්ගේ පුරෝගාමීත්වයෙන් අරඹන ලද මෙම විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් උන්වහන්සේගේ ශිෂ්‍ය යහමුල්ලේ අනුරුද්ධ හිමියන් පත්කිරීමෙන් අනතුරුව සියලු අංගයන්ගෙන් සපිරි පූජා භූමියක් ලෙස සංවර්ධනය කැරිණි.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙවර ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කැරෙනුයේ 16 දා සවස මල් පෙරහර සහිත විශේෂ ආගමික වතාවත් වලිනි. එදින සිට 21 දා දක්වා දිනපතා මල් පෙරහර, අටවිසි බෝධි වන්දනා, සෙත් පිරිත් සජ්ඣායනා සහ දේව පූජා පැවැත්වේ. මහ පෙරහර වීථි සංචාරය කැරෙනුයේ 22 දා පස්වරුවේය.