Print this Article


මානසික සංවර්ධන වැඩසටහනක්

මානසික සංවර්ධන වැඩසටහනක්

පොසොන් පොහොය නිමිතිකරගෙන පැවති මානසික සංවර්ධන වැඩසටහනක් පසුගිය මස 21 වැනි දා කෑ/දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ රංගන ශාලාවේ දී පැවැත්විණි.

මේ සඳහා විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් 500 කට අධික පිරිසක් සහභාගි වූ අතර වැඩසටහන මෙහෙයවීම නෙලුම්දෙණිය ගෞතම විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත ඇස්වැද්දුමේ කමිලසිල හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුවිය.

විදුහල්පතිතුමාගේ පූර්ණ අනුග්‍රහයෙන් විද්‍යාලීය බෞද්ධ සංගමය මඟින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. ඊට සමගාමීව 8 – 9 ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ශීල සමාදානයක් දැදිගම පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි. මේ සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 400 ක් පමණ සහභාගි වූහ.