Print this Article


ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ ඇසළ පෙරහර

ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ ඇසළ පෙරහර

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අලුත්නුවර ඓතිහාසික ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලයේ වසරක් පාසා පවත්වාගෙන එනු ලබන ඇසළ මහා පෙරහර සඳහා කප් සිටුවීම චිරාගත සම්ප්‍රදායන්ට අනුකූලව සිදුකෙරිණි.

දේවාලයේ ඇතුළ සහ මළුවේ පෙරහර ජූලිමස 03 දින සිට 17 වෙනි දා දක්වා පැවැත්වේ. ජූලි මස 18 වෙනි දා සිට 28 වෙනිදා දක්වා පෙරහර වීදි සංචාරය කෙරේ. අවසන් රාත්‍රී මහා පෙරහර ජූලි 27 වෙනි දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. එදින එම පෙරහරට සම්ප්‍රදායානුකූලව මහනුවර මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මොහාන් පානබොක්කේ මහතා සහභාගිවීමට නියමිතය. ජූලි 28 වෙනි දින පැවැත්වෙන අවසන් දවල් පෙරහරින් පසු අලුත්නුවර ඇසළ උළෙල නිමාවට පත් වේ.