Print this Article


ශතාධික සංඝගත දක්‍ෂිණාවක්

ශතාධික සංඝගත දක්‍ෂිණාවක්

කැලණිය, පෙතියාගොඩ, පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථ ශ්‍රී සම්බෝධි දහම් පාසලට වසර 108 ක් පිරීම නිමිත්තෙන් දහම් පාසලේ අවශ්‍යතාවය මත තෙමහල් දහම් පාසල් ගොඩනැඟිල්ලේ පළමු අදියර විවෘත කිරීම ඉකුත් පොසොන් පොහෝ දින කැලණිය, පෙතියාගොඩ, ඩී.එන්. සුරවීර ව්‍යාපාරයේ, සභාපති, දේශමාන්‍ය ඩී.නීල් සුරවීර මහතා මනෝජා සුරවීර මහත්මිය හා දරුවන් දෙපළගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එම පින්කමට සමගාමීව මහා නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේලා ප්‍රධාන 100 නමක් විෂයෙහි මහා සාංඝික දානමය පින්කමක් 14 දින පෙතියාගොඩ විහාරස්ථානයේ සිදු කැරිණි. සියලු කටයුතු කැලණිය පෙතියගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරාධිපති, කොළඹ 07, රාජකීය විද්‍යාලයේ හිටපු ආචාර්ය, ශාස්ත්‍රපති, දොම්පේ ඉන්දසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරේ.