|
|
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ පොසොන් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ජූලි 07 වනදා ඉරිදා |
|||
ශ්‍රී දක්‍ෂිණාරාම විහාරස්ථානයේ සියලු විහාරාංග මේ වන විට ඉදිකරනු ලැබ තිබීම සතුටට කරුණකි. බෙහෙවින් දිගු ඉතිහාසයකට හිමිකම් නොකීවද ගත වූ කාලය තුළ විහාරස්ථානයෙන් ඉටු වූ උදාර ශාසනික සේවය ප්‍රදේශවාසීන්ගේ නොමද පැසැසුමට බඳුන් වන්නකි. නිරතුරුව සංවිධානය කෙරෙන බෝධි පූජා පින්කම්, ධර්ම දේශනා සහ ශීල භාවනා වැඩසටහන් ආගමික ප්‍රබෝධය වඩාත් ඉහළ නංවන්නට හේතු වී ඇත. දායක සභාව හා කාර්ය සාධන සමිතිය ඇතුළු විහාරස්ථ සමිති සමාගම් වලින් මේ සියලු පුණ්‍ය කටයුතුවලදී ලැබෙනුයේ නොමඳ සහයෝගයකි.
|
||||
|
©
2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම |
||||