Print this Article


නේත්‍ර ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවය

නේත්‍ර ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවය

මාතලේ මනන්වත්ත, එබ්බාවල ශ්‍රී සීලරතනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද බුද්ධ මන්දිරයෙහි පිළිම වහන්සේගේ් නේත්‍ර ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවය මේ මස 11 වැනිදින පෙරවරු 6.00 ට පැවැත් වේ.

මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති ලෙනදොර විමලකීර්ති ශ්‍රී සීලරතන සෝරතාභිධාන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එබ්බාවල ශ්‍රී සීලරතනාරාම විහාරාධිපති වැල්ගාලේ විමලකිත්ති හිමියන්ගේ් අනුශාසනා පරිදි මෙම පුණ්‍යෙීත්සවය පැවැත්වේ.

ජුලි මස 9 වනදින රාත්‍රී තුන් තිස් පැයේ පිරිත් දේශනාවකින් මෙම මහ පින්කම ආරම්භ වන අතර ජූලි 11 වැනිදා සිට 15 වැනිදා දක්වා පූජා පෙරහර පැවැත්වීමත් සමග ධර්ම දේශනා මාලාවක් හා බෝධි පූජාවන්ද පැවැත්වේ.