Print this Article


අසූ අට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ

අසූ අට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ

ගම්පොල නගරයේ නම ඇසූ සැනින් අපගේ මතකයට පැමිණෙන්නේ ලෝකප්‍රසිද්ධ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයයි. එසේ අම්බුළුවාව දැක බලා ගත්තද ගම්පොල නගරය තුළ තවත් සුවිශේෂී බෞද්ධ සිද්ධස්ථානයක් පිහිටා තිබේ. ඒ ගම්පොළ පිහිටි සාලියාල පුරාණ විහාරය යි.මෙම සිද්ධස්ථාන භූමියට ඇතුළු වූ සැනින් සුදෝ සුදුවන් පැහැයෙන් බබළන සුවිශාල සැතපෙන පිළිම වහන්සේ වැඩ සිටිනා අයුරු දැක බලා ගත හැක.

දැනට සැතපෙන පිළිම වහන්සේගේ නිර්මාණ කටයුතු අවසාන වී තිබුණද ශාලා මණ්ඩප ආදිය පිළිසකර වී නැත. මේ සඳහා විශාල මුදලක් වැය කරන්නට සිදුවේයැයි දැන ගැනීමට තිබේ. එම විහාරස්ථානයට පැමිණ අසූ අට රියන් මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ දැක බලා ගැනීමටත්, වන්දනාමාන කර ගැනීමටත් පුළුවන.