UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් අව අටවක 2013 ජුනි 30 වන දා

ආදර්ශවත් නිහඬ මෙහෙවර

මට ගම්වැසියාට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කරනු ලබන්නේ පන්සලේ වැඩ වසන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. ඊට හේතුව නම් හැම විට පන්සලේ ස්වාමීන් වහන්සේට සිව් පසයෙන් උපස්ථාන කරනු ලබන දායක පිරිසට ප්‍රත්‍යුපකාර කිරීම භික්‍ෂූන්වහන්සේ සතු යුතුකමක් වන බැවිනි.

මෙ රට බෞද්ධ ආගමික කේන්ද්‍රස්ථාන මෙන්ම එම පූජනීය ස්ථාන මෙහෙයවනු ලබන පූජනීය මහ සඟරුවන නිහඬව සිදු කරනු ලබන ආගමික හා සාමාජික මෙහෙවර සැමදා අගය කළ යුතු වන්නේ නිහඬ ආදර්ශවත් මෙහෙවර නිසා ම ය.

සිරි දළදා මැදුර ප්‍රධාන ශ්‍රී පාදස්ථානය ඇතුළු බෞද්ධ ආගමික පූජනීය සිද්ධස්ථාන මගින් නිහඬව ආගමික, සාමාජික මෙහෙවර රැසක් සිදු කෙරේ. සසුනට, ගමට,පළාතට රටට, සමාජයට මෙසේ සිදු කරන සුවිශාල මෙහෙවර අගයමු.

මෙරට බොහෝ විහාරස්ථාන මගින් ඒ ඒ විහාරස්ථානවල වැඩ වසන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ආගමික මෙන්ම ප්‍රජා සත්කාරක සේවාද වරින්වර සිදු කෙරේ. ඒ පිළිබඳ පූජනීය මහ සඟරුවනට ප්‍රණාමය ද පුද කළ යුතුවේ.

ඇතැම් අයෙකු ගම්වැසියන් විසින් විහාරස්ථානය වෙත දක්වනු ලබන කාරුණික අනුග්‍රහය විවේචනයට ලක් කරන අවස්ථාද නැත්තේ නොවේ.

ඇතැම් විට විහාරස්ථානයට, භික්ෂූන් වහන්සේට ආධාර උපකාර නොකරන අවම වශයෙන් දාන වේලක් හෝ පූජා නොකරන ඇතැම් අයෙකුගෙන් එසේ විවේචන ඉදිරිපත් වුවද බහුතර බෞද්ධ ජනතාවගේ අදහස එසේ නොවේ.

මෙරට බොහෝ විහාරස්ථාන වෙත දායක පක්ෂයෙන් ලැබෙන බොහෝ පරිත්‍යාග මෙහෙයවා බොහෝ ප්‍රජා සත්කාරක සේවා පවත්වා ගෙන එනු ලැබේ.

එහෙත් විහාරස්ථානය හෝ භික්ෂූන් වහන්සේ එවන් මහඟු සේවාවන්හි නිරත වුවද ඒ පිළිබඳ ප්‍රචාරයක්ද අපේක්ෂා නොකරන බැවින් නිහඬව කරන මෙහෙවර අගැයීමට පත්වන අවස්ථාද විරල බව සිහිපත් කළ යුතුව ඇත.

ඇතැම් අයෙකු විහාරස්ථානයට දායක පක්ෂයෙන්, පරිත්‍යාගශීලින්ගෙන් ලැබෙන උපකාර පිළිබඳ පමණක් විවේචන එල්ල කළ ද විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙන නිහඬ මෙහෙවර පැසසුමට ලක් නොවනු ඇත.

විහාරස්ථානයෙන් හෝ භික්‍ෂූන් වහන්සේගෙන් කලාතුරෙකින් හෝ යම් අපහසුතාවයක් සිදු වුවහොත් අපේ රටේ ඇතැම් මාධ්‍ය පවා ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදීමට ක්‍රියා කළද ඉහතින් සදහන් කළ පරිදි විහාරස්ථානයෙන් හෝ භික්‍ෂූන් වහන්සේගෙන් සිදුවන නිහඬ සේවය ජනතාව දැනුම්වත් කිරීමට උපයෝගි කර නොගැනීමද දක්නට ලැබේ.

කෙසේ වුවද විහාරස්ථානයෙන්, භික්‍ෂූන් වහන්සේගෙන් සිදුවන නිහඬ මෙහෙවර ගණනය කළ නොහැකි තරම් වේ.

‘ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨී පරමංධනං” කවර තරාතිරමක අයෙකුට වුවද නිරෝගී ජීවිතයක් ගත කළ හැකිනම් එය මහත් සතුටකි. වාසනාවකි. කායික, මානසික රෝගී දුර්වලතාවය සුවපත් කළ හැකි නම්, එය සුවපත් කිරීමට උපකාර කළ හැකිනම් එය මහත් සද්ක්‍රියාවක් මෙන්ම මහා පුණ්‍යකර්මයක් පමණක් නොව අගනා ප්‍රජා සත්කාරක මෙහෙවරක්ද වනු ඇත.

බෙල්ලන්විල රාජ මහා විහාරයේදී සිව් මසකට වරක් මහඟු ප්‍රජා සත්කාරක මෙහෙවරක් සිදුවේ. එම සත්කාරක සේවාව බෙල්ලන්විල රාජ මහා විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන්ගේ අනුශාසනා පරිදි බෙල්ලන්විල රාජමහා විහාරස්ථ ප්‍රජා සංවර්ධන පදනම මගින් සංවිධානය කරනු ලැබේ. ඒ අනුව විශේෂඥ වෛද්‍ය සායනයක් ශ්‍රී සෝමරතන විශ්‍රාම ශාලාවේදී අද පැවැත්වේ.

එම වෛද්‍ය සායනය සඳහා ළමා රෝග, චර්ම රෝග, හෘද රෝග, ස්නායු රෝග, උගුර, කන, නාසය, පිළිබඳ රෝග ආදි විශේෂඥවරුන් ඊට සහභාගිවන අතර නොමිලයේ වෛද්‍ය ප්‍රතිකාර හා ඖෂධ ලබාදීම මෙන්ම වෛද්‍ය උපදෙස් මත ඊ.සී.ජී. හා රුධිර පරීක්‍ෂණ සිදු කිරීමද එහිදී සිදු කෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ දකුණූ කොළඹ ශික්ෂණ රෝහලේ අනුග්‍රහය ද ඇතිව එය සංවිධානය කෙරේ.

එවන් විශේෂඥ වෛද්‍ය සායනයක් සිව්මසකට වරක් නොමිලයේ පැවැත්වීමෙන් ප්‍රදේශවාසීන්ට මෙන්ම පළාත්වාසීන්ට සිදුවන මෙහෙවර වචනයෙන් කියා හෝ ලියා නිම කළ නොහැකිය. ඉහත දැක්වූයේ ඒ නිහඬ මෙහෙවරේ එක් කරුණක් පිළිබඳව පමණි. එබඳු මහ මෙහෙවරක් සිදු කළද නිහඬව සිදු කරන ඒ ආදර්ශවත් මෙහෙවර රටටම ආදර්ශයක් වනු ඇත.

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජූනි මස 29 වැනි දා සෙනසුරාදා අපර භාග 10.33 ට ලබයි.
30 වැනි දා ඉරිදා අපරභාග 10.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 07 වැනිදා
ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]