Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මහවැලි සූරියගම, ශ්‍රී සුමංගලාරාමාධිපති, සේනාදිරියාගම විමලජෝති හිමියන් විසින් 2010 අප්‍රේල් මස 16 වන දින මුල්ගල තබන ලද චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් පැළඳවීම උන්වහන්සේගේ 60 වන ජන්ම දිනය නිමිති කරගෙන මැයි මස 15 වන දින සිදුකරන ලද අතර මැයි මස 16 වන දින ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහා නාහිමියන් විසින් කොත් වහන්සේ නිරාවරණය කරන ලදී. අනතුරුව 60 නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පවත්වන ලදී.

තාවකාලික පැවිද්ද අද තායිලන්තයේ ජනපි‍්‍රය වී ඇත. පසුගිය වෙසක් පුන් පොහෝ දිනයේ තාවකාලික පැවිද්දට පත් හිමිවරුන් 150 දෙනෙකු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසුම්පායේ දී හමු විය. බරණැස, බුද්ධගයාව, වන්දනාකළ එම හිමිවරුන් ලංකාවේ සංචාරය කරමින්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද දළදා මාලිගාවද වැඳ පුදා ගත්හ. මේ සද්කාර්යයන  සම්බන්ධීකරණය ආගමික කටයුතු පිළිබඳව ජනාධිපති සම්බන්ධීකාරක ගලගම ධම්මරංසි හිමියන් විසිනි. - කුමාරදාස ගිරිබාව

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන් විසින් පොළොන්නරුව දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පරාක්‍රම සමුද්‍රය ශ්‍රී සේනානායක බෝධිරුක්ඛාරාමාධිපති පණ්ඩිත දඬුබැදිරුප්පේ උපනන්ද හිමියන් වෙත අස්ගිරිය මහා විහාරයේ උපෝෂථාගාරයේදි පවත්වන ලද උත්සවයේ දී පිරිනැමූ අවස්ථාව. ‘විමලකීර්ති ශ්‍රී ධම්මරක්ඛිත’ යන ගෞරව නාමය සහිත සංඝනායක පදවිය උපනන්ද නාහිමියන් වෙත පත්කරන ලද්දේ කාරක සහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙනි.
සටහන ඡායාරූපය – කේ .බණ්ඩාරනායක