Print this Article


මිහින්තලා ලේක්හවුස් 51 වන ආලෝක පූජාවෙන්...

මිහින්තලා ලේක්හවුස් 51 වන ආලෝක පූජාවෙන්...


සම්බුදු සසුනේ චිරස්ථිතියත්, බොදුජන පහන් සංවේගයත් උදෙසා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මිහින්තලා ආලෝක පූජාව සම්බුද්ධ ශාසනය පවත්නා තෙක් ඉටුකරන බව මතුපරපුරේ දැන ගැනීම සඳහා මෙසේ සටහන් කොට තබම්හ යන සමරු ඵලකය මිහින්තලා පුදබිමේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත වූ මොහොත.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව විවෘත කිරීමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා විසින් බුලත් හුරුල්ලක් දී පිළිගත් අයුරු.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 51 වන වරටත් ඉකුත් 22 වන දා මිහින්තලා රාජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනය මඟින් ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් හා අබාන්ස් ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් ඇරඹිණි. උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන්, අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක යන මහත්වරු ආලෝක පූජාව විවෘත කළ අයුරු. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ ලේක්හවුස් ආයතනයේ සභාපතිතුමාද මෙහි වෙති. කර්තෘමණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, නීති හා පරිපාලන අධ්‍යක්‍ෂ නීතිඥ රසංග හරිස්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහත්වරු ද ලංකා විදුලිබල මණ්ඩලයේ සහ අබාන්ස් ආයතනයේ නිලධාරීහු ද එම අවස්ථාවට එක් වූහ.

ධර්ම දේශනාවට වැඩම කළ මාවරලේ භද්දිය හිමියන් වෙත ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක මහතා අටපිරිකර පූජා කළ අයුරු.

මිහින්තලා ආලෝක පූජාවේ දෙවැනි දින (23) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආලෝක පූජාව විවෘත කළ අයුරු. මැති ඇමතිවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, දුමින්ද දිසානායක, එස්.එම්.චන්ද්‍රසේන,ඩබ්.බී.ඒකනායක ,ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, මහඇමැති එස්.එම්.රංජිත් සමරකෝන් , ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත්, ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහත්ම මහත්මීහුද මෙහි වෙති.

මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව බුදුසරණ පුවත්පත මෙහෙයවීමෙන් හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් පැවැති දීප ව්‍යාප්ත රචනා සහ උතුරුමැද පළාතේ කථික තරගවලින් ජය ලැබූ දරුදැරියන් ලේක්හවුස් ආයතනයේ සභාපතිතුමන් ප්‍රමුඛ අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ද සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. බුදුසරණ කර්තෘ සීසර් සුදුසිංහ මහතාද මෙහි සිටී.

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ අවසන් දිනය වූ (24) අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනෙවිරත්න මහතා අතින් විදුලි ආලෝකය විවෘත කෙරිණි. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක, නුවරගම්පළාත ප්‍රාදේශීය ලේකම් සමන් බන්දුලසේන, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් සහ මිහින්තලය පොලිස් ස්ථානාධිපති රුක්මාල් රත්නායක මහත්වරුද ඡායාරූපයේ වෙති.
ඡායාරූප - සුලෝචන ගමගේ