Print this Article


පලදාව පුරාණ විහාරස්ථ ශ්‍රී සරණංකර දහම් පාසල

පලදාව පුරාණ විහාරස්ථ ශ්‍රී සරණංකර දහම් පාසල


ප්‍රධානාචාර්ය හිමි සමඟ ආචාර්ය මණ්ඩලය

යටිනුවර ගඟ පළාත ශාසනාරක්‍ෂක මණ්ඩලයේ දහම් පාසල් අතර අඩ සියවසක් සපුරන ශ්‍රී‍්‍රසරණංකර දහම් පාසල විශේෂිතය.

පලදාව පුරාණ විහාරාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ නියංගොඩ ශ්‍රී සරණංකර නා හිමියන්ගේ මූලිකත්වයෙන් හා අනුශාසකත්වයෙන් එකල ආචාර්ය මණ්ඩලය හතර දෙනෙක් වූහ. මෙහි වත්මන් ආචාර්ය මණ්ඩලය දහ දෙනෙකුගෙන් සමන්විතය. එදා සිසු සිසුවියන් සියයකින් ඇරැඹුණු මෙම දහම් පාසලෙහි අද සිසු සිසුවියෝ තුන්සිය හැත්තෑපහක් පමණ අධ්‍යාපනය ලබති.

මෙහි ප්‍රධානාචාර්ය ධුරය හොබවන සාමවිනිසුරු විහාරාධිකාරි හික්ගොඩ සෝභිත හිමියන් දශක හතරක සිට සිදු කරන සේවාව අගැයමින් උපහාර උළෙලක්ද පසුගියදා සිදු කෙරිණි.


දහම් පාසලේ වත්මන් නියෝජ්‍ය ප්‍රධානාචාර්ය එම්.ජී. ගුණරත්න මැණිකේ මහත්මිය ආචාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡාවක නියැළෙන අයුරු

හිග්ගොඩ හිමියන්ගේ නොමද කැපවීම නිසා දහම් පාසල් දරු දැරියෝ ශාසනාරක්‍ෂක මණ්ඩලයෙන් පවත්වන තරගවලින් සෑම වසරකදීම විශිෂ්ට ජයග්‍රහණ ලබා ගනිති. පලදාව විහාරාධිපති දෙනුවර ප්‍රධාන සංඝනායක කිරිබත්කුඹුරේ සීවලී නා හිමියෝ අනුශාසක ධුරයේ යෙදෙමින් දහම් පාසලේ දියුණුව උදෙසා කටයුතු කරති. එමෙන්ම ආදි ශිෂ්‍යාවක වූ වත්මන් උප ප්‍රධානාචාරිනී ඇම්. ගුණරත්න මැණිකේ මහත්මියගේ තිස් වසරක දහම් පාසල් සේවය ද අගනේ ය.

ශිෂ්‍ය නායක නිමේස් රත්නායක මෙන්ම ශිෂ්‍ය නායිකා සදුනි තිරෝෂිකා පීරිස් සිය වගකීම් නිසිලෙස ඉටුකරති. වාර්ෂිකව මෙහි පවත්වන මිහිඳු පෙරහර වෙසක්, පොසොන් භක්ති ගීත වැඩසටහන්වල මූලිකත්වය ගනියි. අඩසිය වසරක් සමරන,පලදාව පුරාණ විහාරස්ථ ශ්‍රී සරණංකර දහම් පාසල තව තවත් දීප්තිමත් දහම් පාසලක් බවට පත්වේවායි අපි ප්‍රාර්ථනා කරමු.