Print this Article


සසර ගමන

සසර ගමන

ඉමක් කොනක් නොමැති සංසාර ගමනේ අප කිසිවෙකුට සදාකාලික සැපතක් ඇත්තේ නැත. සත්ත්වයා භවයෙන් භවයට ගමන් කරන්නේ තෘෂ්ණාව නිසාය. එය කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් තුන් ආකාර වේ. කාම තණ්හා යනු තම ඉන්ද්‍රියයන් සතුටු කරමින් ජීවත් වන්නට ඇති ආශාවය. භව තණ්හා යනු හැමදාකම ආත්මයක් ඇතැයි යන ආශාවය. විභව තණ්හා යනු මේ ආත්මය පමණයි. වෙනත් ආත්මයක් නැතැයි තමා උපරිම ලෙස සතුටු වියයුතුයැයි යන ආශාවය. ඉහත තෘෂ්ණාවන්ගෙන් මිදෙන්නට නම් ධර්මය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත යුතුය. උතුම් ශ්‍රී සද්ධර්මය තමයි අප හැමදෙනාටම නිවැරැදි දේ දැනහඳුනා ගන්නට හේතුවන්නේ.

“ධම්මෝ සධ සමං නÀථි එතං පිබථ භික්‍ඛවෝ” ධර්මය හා සමාන ඔසුවක් වෙන නැති බව ඉන් අර්ථවත් වේ.

“සබ්බ දානං ධම්ම දානං ජිනාති” යන්නෙන්ද සියලු දාන පරදවා ධර්ම දානයම උතුම් බව දක්වා ඇත. එයට හේතුවන්නේ නිවැරැදි අවබෝධය ඇතිකරවන නිසාය. දම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් පරිදි,

දුක්ඛ නිරෝධ ආර්යය සත්‍යයය හැටියට දුකින් මිදීම ගැන දේශනාකර ඇත. අසේස විරාග නිරෝධය හෙවත් තෘෂ්ණාව මුලිනුපුටා දැමීම, ‘චාගය’ යනු අතහැර දැමීමය.

පටිනිස්සග්ග යනු දුරලීමය. ‘මුත්ති’ යනු මිදීමයි. අනාලය යනු ඇලීමයි.

දුක හා දුකට හේතුව දේශනා කළ බුදුරජාණන් වහන්සේ දුක් උපදවන හේතුව නැති කිරීම පෙන්නුම් කිරීමට මෙසේ දක්වා ඇත.

එනම්, බුදුවරු සිංහයන්ට සමාන ගතිපැවතුම් ඇත්තේය. උන්වහන්සේලා දුක නැති කළයුතු බව දේශනා කරන්නේ දුකට හේතුව නැති කිරීමෙනි. එනම් යම් දෙයක් ඇතිවන්නට හේතුව දැනගෙන ක්‍රියාකිරීමයි. නමුත් එදා අන්‍යතීර්ථකයන් දුක නැතිකරන්නට උත්සාහ කළේ විවිධ වෘත සමාදන්වීමෙනි. ඒ අනුව සුනඛ වෘත, ගෝවෘත, අජවෘත ආදී වශයෙන් සුනඛයන් මෙන්, ගවයන් මෙන්, එළුවන් මෙන් හැසිරෙමින් දුකින් මිදෙන්නට උත්සාහ කළහ.

එහෙත්, එවැනි චර්යා රටාවන් අනුව සිටියත්, දුකින් මිදෙන්නට කිසිදා නොහැකි බව කාටත් පැහැදිලිය. එසේ නම් මෙයට හේතුව සොයා බැලිය යුතු ය.

බුදුවරු ලෝකයේ දුක දැන හඳුනාගෙන එයට හේතු ද අවබෝධ කරගෙන එම දුකින් නිදහස්වන ආකාරය දේශනා කර ඇත. අන්‍ය තීර්ථයකයන් තුළ ද දක්නට ලැබුණේ එවැනි ක්‍රියාපිළිවෙතකි. පංචතාපය හා විවිධ වෘත තුළින් අත්තකිලමතානුයෝගයෙන් දුකින් මිදෙන්නට සැරසුනා මිස (ඵලය නැති කරන්නට උත්සාහ කළා මිස) හේතුව නැති කරන්නට කටයුතු කර නැත. තෘෂ්ණාව නමැති ක්ලේශය හටගත්තේ තම සිත තුළයි. කැමැත්ත ආශාව ඇතිවන්නට හේතුකාරණාව දැන එයට ප්‍රතිකර්ම කිරීමෙන් එය වළකාලිය හැකිය. ඇස, කන, නාසය ආදී පසිඳුරන් කැමැතිවන්නේ පි‍්‍රය රූප දැකීම, මිහිරි ශබ්ද ඇසීමට, නැවුම් සුවඳ ආඝ්‍රාණය කිරීම, රස ආහාරයක් භුක්ති විඳීමට හා මෘදු ස්පර්ශයක් විඳීමට ය. මේ ස්වභාවය අවබෝධ කරගත් විට විවිධ ආශාවන්ට ගොදුරුවන ස්වභාවය නැතිකරගන්නට හැකියාව ලැබේ.

ඇසින් යම් රූපයක් දැක ඒ කෙරෙහි ආසාවක් ඇතිවුනා නම් එම අවස්ථාවේදීම එම ආශාව නැතිකරන්නට කටයුතු කළ යුතුය. අප සිතේ කෙලෙස් ඇතිවන්නේ දකින දේ පිළිබඳව හා අසන දේ කෙරෙහි සිත දිවයාම නිසාය. කුමන දෙයක් දුටුවත් ඒ කෙරෙහි නිවැරැදි අවබෝධයෙන් දැක ඇති වූ ආශාව ඒ මොහොතේම නැතිකරගන්නට උත්සාහ දැරිය යුතුය. නැතිනම් පසුවට ඒ ආශාවන් නිසා අනේකවිධ දුක්කම්කටොළු විඳින්නට මඟපෑදෙනු ඇත. ඉහත සඳහන් කාරණය වටහාගන්නට විභංගප්‍රකරණ අටුවාවේ වටිනා උපමාවක් ඇත. කෙනෙකුට පෙන්විය හැකි දෙයක් නොවේ. එය අතක්කාවචර ධර්මයක් බව, එනම් විවේචනය කොට තර්කානුසාරයෙන් දැනගන්නට හැකි දෙයක් නොවන බව බුදුදහම අවධාරණය කරයි. එය තමන්ගේම අත්දැකීමෙන් ප්‍රත්‍යක්‍ෂයෙන් ‘සÁදිට්ඨිකව‘ සොයාගත යුත්තකි. නිවන යාන්තමට අවබෝධ කරගත හැකි වන්නේ, දැකියහැකි වන්නේ සෝතාපත්ති මග්ග ඤාණයටයි. එනම් පළමු මාර්ග සිතටයි. එය ධම්මචක්‍ඛු එනම්, දහම් ඇස යනුවෙන් දැක්වෙයි.

එනම්, කොණ්ඩඤ්ඤ හිමියන්ට දහම් ඇස ඉපදුනා යැයි දේශනා කළේ සෝවාන් වූ නිසයි. සෝවාන් වීමත් සමග පුද්ගලයා දසසංයෝජන වලින් තුනක් ප්‍රහීණ වේ. සංයෝජන යනු නිවනට පමුණුවීමට නොදී සසරට බැඳ තබන කෙලෙස්දාමයන් ය. සක්කායදිට්ඨි විචිකිච්චා සීලබ්බතපරාමාස, කාමරාග, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යනුවෙනි. මෙහි පළමු සංයෝජන තුන ප්‍රහීණවෙයි.

‘නතේ භවං අට්ඨමං ආදියන්ති’ එනම්, ඒ පුද්ගලයාට අටවැනි භවයක් නොමැති බව රතනසූත්‍රයේ දක්වා ඇත. සකෘදාගාමී වූ ආර්යය පුද්ගලයා මෙම කාම භවයට නැවත උප්පත්ති වශයෙන් පැමිණෙන්නේ එක්වතාවක් පමණි.

සකදගාමී යනු වරක් එන්නා යනුවෙනි. අනාගාමි යනු ප්‍රතිසන්ධි වශයෙන් උප්පත්ති වශයෙන් නැවත කාම ලෝකයට එන්නේ නැත යන අර්ථයයි. අනාගාමී වූ ආර්යය පුද්ගලයා කළුරිය කළේ නම් උපදින්නේ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහිය. කල්ප දහසකට ආයුෂ ඇති අවිහ ශුද්ධාවාස බඹලොව ඉපිද උපන් විගස රහත් වූ හත් දෙනෙකු පිළිබඳව ධර්මයේ සඳහන් වේ.