Print this Article


රුහුණේ ධර්ම දේශනා කෘතිය 24 දා දොරට වඩී

රුහුණේ ධර්ම දේශනා කෘතිය 24 දා දොරට වඩී

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධර්ම දේශකයන් වහන්සේලාගේ ධර්ම දේශනා ඇතුළත් කොට විතාරන්දෙණියේ වජිරවංස හිමියන් විසින් සම්පාදිත ‘රුහුණේ ධර්ම දේශනා’ කෘතිය එළි දැක්වීමේ උළෙල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූනි 24 දා පෙරවරු 10.00 ට සිතුල්පව්ව රජමහා විහාරයේ දී පැවැත්වේ.

මෙම උළෙලට දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක සිතුල්පව්ව රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති මැටරඹ හේමරතන නාහිමි කතරගම කිරිවෙහෙර රාජ මහාවිහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැවේ සෝරත නාහිමි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්‍ෂ ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි ආරාධිතයෝ රැසක් සහභාගි වෙති.