Print this Article


බෙල්ලන්විල විශේෂඥ වෛද්‍ය සායනයක්

බෙල්ලන්විල විශේෂඥ වෛද්‍ය සායනයක්

බෙල්ලන්විල රාජමහා විහාරස්ථ ප්‍රජා සංවර්ධන පදනම සංවිධානය කරන විශේෂඥ වෛද්‍ය සායනයක් ශ්‍රී සෝමරතන විශ්‍රාම ශාලාවේ දී මේ මස 30 වෙනි දින පෙරවරු 8.00 සිට දවල් 12.00 දක්වා පැවැත්වේ. ළමාරෝග, චර්ම රෝග, හෘද රෝග, ස්නායු රෝග, උගුර, කන, නාස පිළිබඳ රෝග ආදී විශේෂඥ වෛද්‍යවරුන් ඊට සහභාගී වන අතර, නොමිලයේ වෛද්‍ය ප්‍රතිකාර හා ඖෂධ ලබාදීම මෙන්ම වෛද්‍ය උපදෙස්මත ඊ.සී.ජී. හා රුධිර පරීක්‍ෂණ සිදු කිරීමද එහිදී සිදු කෙරේ. බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අනුග්‍රහය ඇතිව එම වෛද්‍ය සායනය සංවිධානය කර තිබේ.