Print this Article


පොසොන් දන්සැල්

පොසොන් දන්සැල්

තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමය

පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පොසොන් දන්සල් කමිටුව 33 වැනි වරටත් දෙනු ලබන බත් දන්සල මෙම 22 සහ 23 දිනවලදී අනුරාධපුර ඓතිහාසික මිරිසවැටි දාගැබ අසලදී පැවැත්වේ.

මිහින්තලාව

හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරස්ථානාධිපති පණ්ඩිත ශාස්ත්‍රවේදී කිහිඹියේ විජිත නා හිමියන්ගේ අනුශාසනා පරිදි ගිහි පින්වතුන්ගේ ආධාරයෙන් සහ සහයෝගයෙන් වසරක් පාසා මිහින්තලාවේ දී පවත්වන සිසිල් පැන් දන්සල 16 වරටත් ජූනි මස 23, 24 දෙදින තුළ සිදු කෙරේ.

මරදාන ශ්‍රී මහින්දාරාමය

කොළඹ 10 මරදාන ශ්‍රී මහින්දාරාමය මගින් පවත්වාගෙන යන පුත්තලම් අනුරාධපුර පාර ඉහළ පුලියන්කුලම ශ්‍රී මහින්දාරාමය විහාරස්ථාන භූමියේ 6 වන වරටත් පවත්වන බත් දන්සල විහාරාධිපති මාපලානේ ධම්මාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කිරීමට තපෝවනේ අනුබෝධි හිමියන් කටයුතු යොදා ඇත.

කලාඔය

අපවත් වී වදාළ, කහවේ විමලසිරි උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක මාහිමියන් විසින් වර්ෂයක් පාසා පවත්වාගෙන ආ පොසොන් මහා බත් දන්සැල මෙවරද 48 වන වරටත් (පොසොන් පෝ දා) උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝ නායක මාදම්පේ සරණතිස්ස නාහිමියන්ගේ අනුශාසනය පරිදි කලාඔය ශ්‍රී විජය බෝධිරාජාරාමයේ දී පැවැත්වේ.