Print this Article


බෙල්ලන්විල ඇසළ පුණෝත්සවය හා පෙරහර

බෙල්ලන්විල ඇසළ පුණෝත්සවය හා පෙරහර

අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන් විසින් මීට වසර 63කට පෙර ආරම්භ කර අඛණ්ඩව පවත්වාගෙන එනු ලැබූ ඇසළ මහා පෙරහර ඇතුළු පින්කම් මාලාව මෙවරද ඉතා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන්ට පින් පැමිණවීමේ වාර්ෂික ධර්ම දේශනා මාලාව මෙවර ද අගෝස්තු මස 15, 16 හා 17 දිනයන්හි පැවැත්වේ. සති පිරිත් දේශනය අගෝ. 18 දින ආරම්භ වී 24 දින දක්වා පැවැත්වේ. 50 නමකට අධික මහා සංඝරත්නය මේ සඳහා සහභාගී වනු ඇත. අගෝ. 24 සති පිරිත් අවසන් වන දින දේවදූත පෙරහර විහාරස්ථානයට පැමිණීමෙන් පසු දොරකඩ අස්න අනුශාසනාව සිදු කෙරේ. කුඹල් පෙරහර අගෝ. 24 දින පැවැත්වෙන අතර අනතුරුව අගෝස්තු 25 දින සිට 28 දින දක්වා මල් පෙරහර විහාරස්ථ භූමිය තුළ බෝධි මළුව, චෛත්‍ය මළුව හා විහාර මළුව පැදකුණු කරමින් පැවැත්වේ. සර්වඥ ධාතු කරඬුව ප්‍රථම වරට ධාතු මන්දිරයෙන් පිටතට ගෙන සිදුකරන පාවාඩ පෙරහර අගෝ. 29 දින ද, විහාරස්ථානයේ පිටතට සර්වඥ ධාතු කරඬුව හස්තිරාජයා පිට වඩවමින් අලංකාර රන්සිවිල පෙරහර අගෝ. 30 දින රාත්‍රියේ වීථි සංචාරය කෙරේ.