Print this Article


උඩරට අමරපුර නිකායේ උපසම්පදා උළෙල

උඩරට අමරපුර නිකායේ උපසම්පදා උළෙල

2013 වසරේ උඩරට අමරපුර නිකායේ උපසම්පදා විනයකර්මය 2013 ජුලි 06 වන සෙනසුරාදා පස්වරු 2.00 ට චිරාගත සම්ප්‍රදායානුකූලව විදුරුපොළ ශ්‍රී සුමංගලාරාමස්ථ උපෝසථාගාරයේදී සාහිත්‍යාචාර්ය විනය විශාරද අග්ගමහා පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

උපසම්පදා අපේක්ෂකයින් උදෙසා ලිඛිත පරීක්ෂණය 2013 ජුනි 29 දින පෙ. ව. 9. 00 ට ගවරම්මාන ශ්‍රී පියතිස්ස පිරිවෙනේදී ද, උපසම්පදා වූ පසු සිදු කෙරෙන ධර්ම විනය පුහුණු පාඨමාලාව 2013 ජූලි 07, 08, 09 යන දිනවල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ දී ද, පැවැත්වෙන බව ලේඛකාධිකාරී ශ්‍රී විනයවාදිනී කාරක සංඝ සභාවේ නියමය පරිදි බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍ර විශාරද නිකපොත චන්ද්‍ර ජෝති නාහිමියන් දන්වා සිටී.