Print this Article


ශාන්ති පදනමේ පිච්ච මල් පූජාව ජූලි 6 වන දා අනුරාධපුරයේ දී

ශාන්ති පදනමේ පිච්ච මල් පූජාව ජූලි 6 වන දා අනුරාධපුරයේ දී

කොළඹ 7, බෞද්ධාලෝක මාවත, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනම මඟින් 24 වෙනි වරටත් ජූලි මස 06 වෙනි දින සවස 3.00 ට ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත හා රුවන්වැලි මහා සෑය වෙත කොටපොළ අමරකිත්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙවරත් පිච්ච මල් පූජාව පැවැත්වේ.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ සහ රුවන්මැලි චෛත්‍යාරාමාධිපති, පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ආශිර්වාදයෙන් මෙය පැවැත්වේ. මල් පරනොවී තබා ගැනීමට අමු කෙසෙල් පතුරු භාජනයක තැන්පත් කර තබා ගත හැකි වේ. පැන් ඉසීම අවශ්‍ය නොවේ. පොලිතීන් බෑගයක මල් දමා ජලය ස්වල්පයක් ඉස වාතය ගමන් කළ නොහැකි පරිදි වසා තැබීමෙන් දින 03 ක් මල් පර නොවී තබා ගත හැකි බවද කියයි. ජූලි 07 උදේ භාවනා වැඩසටහන පැවැත්වේ. - විනීතා කොඩිතුවක්කු