Print this Article


බුදුසරණ දීප ව්‍යාප්ත රචනා තරගයේ පළමු තැන

බුදුසරණ දීප ව්‍යාප්ත රචනා තරගයේ පළමු තැන

මාතලේ කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ ගීෂානි නදීමාලි වීරතුංග දිනා ගනී

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව බුදුසරණ පුවත්පතේ මෙහෙය වීමෙන් පැවැති 2013 දීප ව්‍යාප්ත රචනා තරගයේ ප්‍රථම ස්ථානයේ ජයග්‍රහණය මාතලේ කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ ඩබ්ලිව්. එම්.ගීෂානි නදීමාලි වීරතුංග ශිෂ්‍යාව විසින් හිමි කරගෙන ඇත. ජයග්‍රහණය වෙනුවෙන් ඇයට ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් බුදුසරණ කුසලානය සමඟ සහතික පත්‍රය ද මුදලින් රුපියල් දස දහසක් (රු. 10,000) ද පිරිනැමේ. රචනා තරගයේ දෙවැනි හා තෙවැනි ස්ථානයන් හිමි කරගෙන ඇත්තේ පිළිවෙලින් කුරුණෑගල, තෝරයාය, හැඟව, ශ්‍රී ආනන්දාරාම දහම් පාසලේ අශානි ශාලිකා විජේරත්න සහගල්ගමුව, සාලිය අශෝකපුර, රාජාංගන යාය 02, ශ්‍රී‍්‍ර සුධර්මාරාම ධර්ම විද්‍යාලයේ ඒ .ඒ. චන්දන බණ්ඩාර ය. දෙවන හා තෙවන ස්ථානයන් සදහා මුදලින් රුපියල් 7500 ක් සහ රු 5000 ක් සමග සහතික පිරිනැමේ. හතරවන ස්ථානයේ සිට දහවන ස්ථාන ජයග්‍රහණ ලබා ඇත්තේ පිළිවෙලින් කඩුවෙල, පහල බෝමිරියේ ,දම්සිරි දහම් අසපුවේ, උෂානි එරන්දිකා රත්නායක (04) මහනුවර, ධර්මරාජ විද්‍යාලයේ, ටී.ජී.ඩී.අයි.ටී.බී. වනිගරත්න (05) පිළියන්දල, නිවුන්ගම, ශ්‍රී සෝමානන්ද දහම්පාසලේ නිෂාදා බිම්සරී දුනුවිල (06) අගලවත්ත, ඕමත්ත, ශ්‍රී සුභද්‍රාරාම දහම් පාසලේ, පතිරගේ සදිශිකා සඳමිනි (07,) මාතර, සුජාතා බාලිකා විද්‍යාලයේ, මලිති යසෝදා කරුණාරත්න (08) බදුල්ල, මහවත්තේගම, ශ්‍රී පඥාසාර දහම්පාසලේ, ඔදිත ජිහාන් බෝපගේ (09) පාදුක්ක වටරැක, ශ්‍රී පුණ්‍යාලෝක දහම් පාසලේ, අශාන් මධුශංක වීරසිංහ (10) යන සිසු සිසුවියන් විසිනි. ඔවුන්ට සහතික පත් සමඟ මුදලින් රුපියල් දහස (1000/-) බැගින් පිරිනැමෙන අතර ජයග්‍රාහකයන්ට ලබාදෙන මුදල් ත්‍යාග වෙනුවෙන් අනුග්‍රහය දක්වන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යි.

ත්‍යාග ප්‍රදානෝත්සවය මේ මස 23 දා පොසොන් පෝදා පස්වරු 6 ට මිහින්තලේ මැද මළුවේදී සිදු කෙරෙ යි.