Print this Article


බුදුසරණ මෙහෙය වූ උතුරුමැද පළාතේ කථික තරගය

බුදුසරණ මෙහෙය වූ උතුරුමැද පළාතේ කථික තරගය


ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රාහකයන්

කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහකයන්

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් 51 වන වරටත් පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව මෙවරද බුදුසරණ පුවත්පත මගින් සංවිධානය කළ කථික තරගය පසුගිය 8 වැනි දින මිහින්තලා මහා විද්‍යාලයේදී උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය.

මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන නා හිමියන්ගේ සහ ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්ධුල පද්මකුමාර මහතාගේ අනුශාසනා පරිදි බුදුසරණ පුවත්පත සංවිධානය කළ කථික තරගයට මුදල් ත්‍යාග වෙනුවෙන් අනුග්‍රහය ලබාදෙන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවය. උතුරුමැද පළාතේ පාසල් සහ දහම් පාසල්වලට පමණක් සීමා වූ කථික තරගයට ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ අංශ නියෝජනය කරමින් සිසු සිසුවියන් විශාල සංඛ්‍යාවක් ඉතා උද්‍යෝගයෙන් සම්බන්ධ වීම මෙහිදී දැකගත හැකි වූ විශේෂයක් විය. දහ(10) වැනි වසරේ සිට දහතුන් (13) වන වසර දක්වා ඉගෙනුම ලබන සිසු සිසුවියෝ ජ්‍යෙෂ්ඨ අංශය යටතේත්, හය (06) වන වසරේ සිට නවවන (09) වසර දක්වා ඉගෙනුම ලබන සිසු සිසුවියෝ කනිෂ්ඨ අංශයටද මෙහිදී තරග වැදුනහ.

කථික තරගයේදී අංශ දෙකෙන්ම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් දස (10) දෙනා බැගින් තෝරා ගැනිණි. මෙහිදී ජ්‍යෙෂ්ඨ අංශයෙන් ප්‍රථම (01) ස්ථානය එම්.ඒ.එල්. දේදුණු මධුවන්ති කුමාරි (අනුරාධපුර නිවත්තක චේතිය මහා විද්‍යාලය) දෙවන (02) ස්ථානය ඊ.ඩී.මලිත් දිල්ශාන් (අනුරාධපුර ශාන්ත ජෝෂප් මහා විද්‍යාලය) තුන්වන (03) ස්ථානය තිළිණි ධනුෂ්කා යාපා බණ්ඩාර (අනුරාධපුර දීපානි නවෝද්‍යා මහා විද්‍යාලය) හිම්කර ගත්හ. සිව්වන (04) ස්ථානය ඩබ්ලිව්. එම්. සඳුන් ප්‍රසාද් වීරකෝන් (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය) පස්වන (05) ස්ථානය කේ.එම්. වී. එස්. චතුරංග (අනුරාධපුර නිවත්තක චේතිය මහා විද්‍යාලය) හයවන ස්ථානය (06) ඩබ්ලිව්.ඒ.තිවංගා නිර්මාණි විතාන (අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය) හත්වන (07) ස්ථානය නේත්‍රා අංජනා සිතුමිණී (අනුරාධපුර කේ.බී.රත්නායක මහා විද්‍යාලය) අටවන (08) ස්ථානය සුමිත්ද විජේරත්න (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය) නවවන (09) ස්ථානය ඒ.ඩබ්ලිව්. නිමේෂා මධුවන්ති රුද්‍රිගු (සාලියපුර මිහිදු දහම් පාසල) හා දහවන (10) ස්ථානය නිපුණ ප්‍රභාත් මධුරංග ජයතිලක (අනුරාධපුර ශාන්ත ජෝශප් මහ විද්‍යාලය) යන සිසු සිසුවියෝ ජයග්‍රහණය හිමි කරගනු ලැබූහ.

එම ජ්‍යෙෂ්ඨ අංශයේ විනිශ්ච මඩුල්ල ලෙස සිංහල ගුරු උපදේශීකා නාලනී ශීලවංශ, විශ්‍රාමික මනෝවිද්‍යා හා උපදේශන ගුරු උපදේශිකා චන්දිමා විජේසිංහ ,ඉංගී‍්‍රසි ගුරු උපදේශිකා කාන්ති අල්විස්, අධ්‍යාපනවේදී උපාධී පූර්ණී මධුශංකා දිසානායක යන මහත්මීහු කටයුතු කළහ.

කනිෂ්ඨ අංශය සඳහාද සිසු සිසුවියන් රැසක් තරග වැදුණු අතර එහිදී ප්‍රථම (01) ස්ථානය කේ.ඒ.තරුෂි නිරාෂා සෙව්වන්දි (අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය) දෙවන (02) ස්ථානය හසිනි කාවින්ද්‍යා සෝමරත්න (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය) තුන්වන (03) ස්ථානය ආර්.එම්. වරුණි හසන්තිකා රාජකරුණා (ශ්‍රී ජිනරතන දහම්පාසල) යන සිසුවියන් හිමි කර ගත්හ. සිව්වන (04) ස්ථානය සයිනි සචිකා සෙනෙවිරත්න (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය) පස්වන (05) ස්ථානය එස්.ඩබ්ලිව්. අමාෂා මධුභාෂිණි ජය ශ්‍රී (අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය) හයවන (06) ස්ථානය ආර්.එම්. කාවින්ද පියුමික බණ්ඩාර (අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යාලය) හත්වන (07) ස්ථානය එස්.ජේ.ජේ. හිරුණි ජීවානි (අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය) අටවන (08) ස්ථානය එච්.විශ්මි චතුන්ද්‍යා (අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය) නවවන (09) ස්ථානය හසලා රසාංජලී ජයතිලක (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය) හා දහවන (10) ස්ථානය ජේ.ඒ ටෂිල (අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යාලය) යන දරු දැරියන් හිමිකර ගනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ අංශයේ විනිශ්චය මණ්ඩලය

ජ්‍යෙෂ්ඨ අංශයේ – ජයග්‍රාහකයන් තිදෙනා

කනිෂ්ඨ අංශයේ විනිශ්චය මණ්ඩලය

කනිෂ්ඨ අංශයේ – ජයග්‍රාහකයන් තිදෙනා

මෙහිදී කනිෂ්ඨ අංශයේ විනිසුරු මඬුල්ල ලෙස බුද්ධ ධර්මය ගුරු උපදේශක ජේ.එම්.කුමාරදාස ජයසුන්දර ක්‍රීඩා ගුරු උපදේශීකා එස්.මල්කාන්ති ද සිල්වා, ප්‍රාථමික ගුරු උපදේශකා ඩබ්.ඩී.ජේ. විමාලි වෛද්‍යරත්න සුචරිතගම විද්‍යාලයේ ආචාර්ය වසන්ත දීපලාල් මාපා බණ්ඩාර යන මහත්ම මහත්මින් කටයුතු කෙරිණි.

මෙහිදී ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානයට ඩී.ආර්. විජේවර්ධන අනුස්මරණ සම්මානය හා කනිෂ්ට අංශයේ ප්‍රථම ස්ථානයට පියසේන නිශ්ශංක අනුස්මරණ සම්මානයත් ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් ප්‍රදානය කෙරේ. මීට අමතරව අංශ දෙකේම ප්‍රථම ස්ථානයේ සිට තුන්වන ස්ථානය දක්වා පිළිවෙළින් රුපියල් දසදහස (10000) හත්දහස් පන්සියය (7500) පන්දහස (5000) සහ හතරවන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් දහසක් (1000) වශයෙන් මුදලින් ප්‍රදානය කෙරෙන අතර ජයග්‍රාහකයන් සියලු දෙනාටම ලේක්හවුස් ආයතනයෙන් වටිනා සහතිකයක් ප්‍රදානය කෙරෙයි. තරග අවසානයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට ගත් කළ අතර ඒ බව සඳහන් කළ ලිපි ඒ අවස්ථාවේදී ඔවුන් වෙත ලබා දෙන ලදී. ජයග්‍රාහකයන් වෙනුවෙන් ප්‍රදානය කෙරෙනා කුසලාන සහතිකපත් සහ මුදල් ත්‍යාගයන් පිරිනමුණු ලබන්නේ 23 වැනි පොසොන් පෝදා මහින්තලා පුදබිමේ මැදමළුවේ පැවැත්වෙන ආලෝක පූජා සමාරම්භක උත්සවයේදීය. ‘බුදුසරණ’ පුවත්පත නියෝජනය කරමින් කථික තරගයේ සංවිධාන කටයුතු මෙහෙයවීම එහි නියෝජ්‍ය කර්තෘ ජනක වෙත්තසිංහ මහතා අතින් සිදුවූ අතර සංවිධාන සම්බන්ධීකරන නිලධාරින් වශයෙන් අනුරාධපුර ලේක්හවුස් ශාඛා කළමනාකාර සරත් පෙරේරා, බුදුසරණෙහි කේ.ජී. සුනිල්, ශාඛා කාර්යාලයේ එන්.පී. මංජුල ඩී.එල්. සමන් සහ අනුරාධපුර ප්‍රාදේශීය කර්තෘ (වැඩබලන) කිත්සිරි වනසිංහ යන මහත්වරු තම දායකත්වය සැපැයූ අතර තරග වැදුණූ දරු දැරියන්ගේ දෙමාපියන් විශාල සංඛ්‍යාවක් තරගය නැරඹීමට පැමිණ සිටීම මෙහි විශේෂ සිදුවීමක් විය.