Print this Article


‘සක්වළ සක්මන’ දෙවන භාගය ‘සිත නිවන ලෝකය’ පොත දොරට වැඩුම

‘සක්වළ සක්මන’ දෙවන භාගය ‘සිත නිවන ලෝකය’ පොත දොරට වැඩුම

බුදුසරණ පත්‍රයේ සතිපතා පළවූ අග්ගමහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නා හිමියන්ගේ ‘සක්වළ සක්මන’ සාකච්ඡා ලිපි මාලාවේ දෙවන කොටස ‘සිත නිවන ලෝකය’ බෞද්ධ ග්‍රන්ථය ඉකුත් වෙසක් පුන් පොහෝදා එළි දැක්විණ.

බුදුසරණ ‘සක්වළ සක්මන’ ප්‍රථම භාග්‍යයෙන් අවට ‘සජීව ලෝකය’ පිළිබඳවත් දෙවන භාගයෙන් අධ්‍යාත්මික ලෝකය පිළිබඳවත් විග්‍රහ කෙරේ. මේ යටතේ සිතේ ස්වභාවය, සසර පැවැත්ම, පංච සම්පත් ලැබෙන හැටි ආත්මීය ආදරය, කර්මය හා පුනර්භවය, පුද්ගල සමාජ විවිධත්වයට හේතු සම විශ්ව ධර්මතා මෙන්ම සිත නිවන භාවනා යන ආදී පරිච්ඡේද 20 ක් තුළ ජීවන රටාවට වැදගත් වන මාතෘකා 80ක් පමණ පැහැදිලි කර තිබේ.

චිරන්තන ගැඹුරු ධර්ම කොටස් නිරවුල්ව නූතන සමාජය සම¼ග ගලපමින් රසවත්ව ඉදිරිපත් කර ඇති ‘සිත නිවන ලෝකය’ බෞද්ධ ග්‍රන්ථය මහරගම සාහිත්‍ය බෝ පියසේ නවතම ප්‍රකාශනයකි.