Print this Article


මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 22, 23, 24 දිනවලදී

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 22, 23, 24 දිනවලදී

සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය

බැතිබර දායකත්වය අබාන්ස් ආයතනය

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය මෙම 22, 23, 24 යන දිනවලදී මිහින්තලා පුදබිමේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්වේ. මිහින්තලා රාජ මහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එම ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය පැවැත්වේ.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් අබාන්ස් ආයතනයේ බැතිබර දායකත්වයෙන් ආලෝක පූජා උළෙල පැවැත්වේ.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඇරැයුමෙන් මෙම 22 වන දා ආලෝක පූජා මහෝත්සවය සඳහා උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම් .චන්ද්‍රසේන මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන්ද මෙම 23 වන දා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, විදුලිබල හා බලශක්ති ඇමැති පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා ඇතුළු ආරාධිත මැති ඇමැතිවරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් මහතා ඇතුළු අනුරපුර දිසාවේ අමුත්තන්ද සහභාගීවනු ලැබේ.

පොසොන් පෝදා උදෑසන සීල සමාදානයෙන් අනතුරුව මාවරලේ භද්දිය හිමියන්ගේ සහ ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ දහම් දෙසුම් ද පැවැත්වේ. එදින ආලෝක පූජා උත්සවයේ දී ‘බුදුසරණ’ මෙහෙයවීමෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් පවත්වන ලද දීප ව්‍යාප්ත රචනා තරගයේ සහ උතුරුමැද පළාතේ කථික තරගයේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග හා සහතික සහ ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් පිරිනමනු ලබන කුසලාන ද පිරිනැමීම සිදු කෙරේ. 24 වන දා මිහින්තලා ආලෝක පූජාව අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනෙවිරත්න මහතා ප්‍රධාන අනුරාධපුර දිසාවේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ඇතුළු ලේක්හවුස් අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල මහතා ඇතුළු එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.