Print this Article


85 වන වරට පවත්වන රාගම – වල්පොළ ඓතිහාසික පොසොන් මහ පෙරහර

85 වන වරට පවත්වන රාගම – වල්පොළ ඓතිහාසික පොසොන් මහ පෙරහර

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, දකුණු අලුත්කූරු කෝරළයේ, ගලහිටියාව පේරුවේ, රාගම් පත්තුවේ, ජාඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රමණීය පෙදෙසක වල්පොළ නම් පින්බර ග්‍රාමය පිහිටා ඇත. ජනප්‍රවාද, ජන ශ්‍රැති අනුව වල්පොළ ගමෙහි ඉතිහාසය කැලණිතිස්ස රාජසමය දක්වා විහිදී යයි. වල්පොළ ග්‍රාමයේ බස්නාහිර දොරටුවේ කදුරුගහ වැව පිහිටා ඇති අතර වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන සංකල්පය මත වල්පොළ ග්‍රාමය නිර්මාණය වී, වැවෙහි නැගෙනහිර ඉස්මත්තෙහි වල්පොළ ශ්‍රී විමලරත්නාරාමය නම් පුණ්‍ය භූ®මිය පිහිටා ඇත.

මෙම ගමෙහි විසූ ගම් දෙටුවන් 1922 දී වල්පොළ සංගමය යන නමින් සංවිධානයක් පිහිටුවාගෙන ගමවැඩුමට කටයුතු කළ කාලයේදී වල්පොළ ශ්‍රී විමලරත්නාරාමයේ වැඩ සිටි හතරලියැද්දේ සිරි ශීලරතන හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් 1928 පෙබරවාරි මස 26 වන ඉරුදින “සිරි සීලරතන දහම් පාසල” වල්පොළ සංගමය ශාලාවේ දී ආරම්භ කරන ලදී. එම දහම් පාසලේ දහම් දැනුම ලබා ගත් සිසු පිරිස සිරි ශීලරතන හිමිපාණන්ගේ අනුශාසකත්ත්වය හා ප්‍රධානත්වයෙන් 1928 මාර්තු 11 වන ඉරුදින “ ශ්‍රී බාලාභිවෘධිවධ¢න” සමිතිය ආරම්භ කර 1928 ජුනි 15 වන දිනට යෙදුණු පොසොන් පෝය දින වල්පොළ සංගම් ශාලාවේ සිට ඉතා කුඩා මල් පෙරහරක් මිහිඳු මා හිමියන්ගේ පිළිරුව සහිතවද ආරම්භ කළ පොසොන් පෙරහර, වල්පොළ දුම්රිය හරස් පාර දක්වා ගමන් කර ශ්‍රී විමලරත්නාරාමයට ගෙවදින ලදී. ඒ කුඩා මල් පෙරහර වජ්‍ර ජයන්තිය ද සමරමින් අසූ පස් වන වසරට පා තබා ඇත. එදා මල් පෙරහර ශ්‍රී විමලරත්නාරාම විහාරස්ථානය වෙත ගෙවදී පවත්වන ලද මල් පහන් පූජාව වල්පොළ ඓතිහාසික පොසොන් පූජෝත්සවය බවට පත්වූ අතර මල් පෙරහර ඓතිහාසික පොසොන් මහ පෙරහර බවට පත්වී එතැන් සිට වසරින් වසර ඉදිරියටම පා තබමින් වල්පොළ ශ්‍රී විමලරත්නාරාමය කේන්ද්‍ර කොට වාර්ෂිකව පවත්වන අතර වර්තමානයේදී රාගම – වල්පොළ ඓතිහාසික පොසොන් මහ පෙරහර හා ඓතිහාසික පොසොන් පූජෝත්සවය බවට පත්ව ඇත.

මෙවර වාර්ෂික වල්පොළ ඓතිහාසික පොසොන් පූජෝත්සවය 2013 ජුනි 15 වන දින සිට ජුනි 23 වන දින දක්වා පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. ප්‍රථම මල් පෙරහර සිහි ගන්වමින් සත් දිනක් මුළුල්ලේ මල් පෙරහර පවත්වා මල්, පහන්, ගිලන් පස සහිතව අටවිසි බුද්ධ වන්දනා, බෝධි වන්දනා සවස් භාගයේදී මෙම සතිය පුරා පැවැත්වේ. ජුනි මස 15 දින රාත්‍රියේදී ධර්ම දේශනාවක් පවත්වා පසු දින අර්ධශාතාධික මහ සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිනමා පොසොන් පෝයට පෙර දින රාත්‍රි ඓතිහාසික පොසොන් මහ පෙරහර මහ විහාරස්ථානයෙන් පිටත්ව අවට ගම් දනව් ප්‍රදර්ශනා කෙරේ.

2013 ජුනි 22 වන දින (පොසොන් පෝයට පෙර දින) ශ්‍රී විමලරත්නාරාම බෝධින් වහන්සේ අභියස කිරි ආහාර පූජාව පවත්වා අනතුරුව කදුරුගම වීරමුණ්ඩ මහ දේවාලයේදී මුරුතැන් පූජාව පවත්වා පොසොන් මහ පෙරහරේ මූලික කාර්යයන් ආරම්භ කෙරේ.

මෙදින සන්ධ්‍යා භාගයේ ශ්‍රී විමලරත්නාරාම මහ විහාරස්ථ ආවාස මන්දිරයේ සිට සර්‍වඥධාතුන් වහන්සේලා සහිත කරඬුව ද ශ්‍රී සද්ධර්ම පුස්තකය ද පංචතූර්ය නාදය පෙරටු කර ගත් පෙරහරෙන් සලපතල මළුවේ පිහිටි බුද්ධ මන්දිරයට වැඩම කර පෙරහර පිළිබඳ වූ සන්නස් පත්‍රය සහිත පෙරහර පුරාණය කියවා ප්‍රකාශයට පත් කර එම සන්නස් පත්‍රය පෙරහරේ ගෙන යාම සඳහා රිදී මංජුසාවක බහා පෙරමුණේ රාළට භාරදීම ද රිදී අංකුශය ගජනායක නිලමේට භාරදීම සිදු කර සව¢ඥධාතුන් වහන්සේලා උදෙසා ගිලන් පස බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව සෙත් පිරිත් දේශනාවන් පවත්වා ශ්‍රී සව¢ඥ කරඬුව ද ශ්‍රී සද්ධර්ම පුස්තකය ද මංගල ඇතුපිටට වැඩම කිරීම සඳහා නියමිත සැදැහැවතුන්ගේ දෙඅත් සුවඳ පැන් වත්කර දෝවනය කර සව¢ඥධාතු කරඬුවත් ශ්‍රී සද්ධර්ම පුස්තකයත් භාරදී රතු පලස මතින් මුතු කුඩ සෙවණේ පංචතූර්ය නාදය සහිත ව වැඩම කරවා මංගල හස්තිරාජයාණන්ගේ මස්තකයෙහි වූ රංසිවි ගෙයහි වඩා හිඳුවා මිහිඳු මහ රහතන් වහන්සේගේ පිළිරුව ද නිරාවරණය කිරීම සිදු කෙරේ.

කසකරුවන්, ගිනි බෝලකරුවන්, පෙරමුණේ රාළ, ජාතික ධජ, බෞද්ධ ධජ, දිසා ධජ හා තුන්හෙළයම නියෝජනය කරවන නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් ද ත්‍රිවිධ රත්නය නියෝජනය කරවමින් ශ්‍රී සව¢ඥධාතු කරඬුවත් ශ්‍රී සද්ධර්ම පුස්තකයත් වැඩම කරවන මංගල හස්ති රාජයන් ඇතුළු පරිවාර අලි ඇතුන්ගෙන් ද මිහිඳු මහ රහතන් වහන්සේගේ පිළිරුව ද සහිතව නිලමේ වරුන්ගෙන් ද සමලංකෘත වන රාගම – වල්පොළ ඓතිහාසික මහ පෙරහර 85 වන වරට පොසොන් පෝයට පෙර දින රාත්‍රි කාලයේදී වල්පොළ ශ්‍රී විමලරත්නාරාම විහාරස්ථානයෙන් උත්තර දිශාභිමුඛව කඳාන රාගම මහා මාර්ගයට පිවිස කඳුරුගම වැව අසබඩින් වීරමුණ්ඩ මහ දේවාලයට දක්ෂිණාවෘතව වල්පොළ ග්‍රාමයේ බස්නාහිර දොරටුවෙන් කඳාන ගම්පහ මහා මාර්ගයට පිවිස පොල්පිටිමූකලාන අශෝකාරාම මහ විහාරස්ථානය අභියසින් බොල්ලත හංදියෙන් බටුවත්ත මහා මාර්ගයට පිවිස මැයි ගහ හංදිය බටුවත්ත ප්‍රාදේශීය සභා කාර්යාලය, බටුවත්ත දුම්රිය පොළ පසු කරමින් කැන්දලියැද්දපාළුව, රාගම මහ මාර්ගයට පිවිස නාරංගොඩපාළුව රත්න ශ්‍රී ඝණාරාම පොත් ගුල් විහාරස්ථානය අභියසින්, වල්පොළ හංදියෙන් වල්පොළ පාරට පිවිස තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ පෙරහර නරඹන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධු නාදය මැදින් පූජෝපහාරයන්ට ලක් වෙමින් ගම්දනව් ප්‍රදක්ෂිණා කළ වල්පොළ ඓතිහාසික මහ පෙරහර පොසොන් පොහොය දින අළුයම් කාලයේදී ශ්‍රී විමලරත්නාරාමයට ගෙවදීමෙන් වාර්ෂික පොසොන් මහ පෙරහර මංගල්‍යය අවසන් කෙරේ.