Print this Article


අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය 2013 ජූලි 12, 13, 14 යන දිනවල දී බලපිටිය, වැලිතර මහා කප්පින සීමාමාලක විහාරය යාබද ‘ ස්වේජින්’ සීමා මාලකයේ දී සිරි සද්ධම්මවංසපාල ගණාචරිය මහෝපාධ්‍යාය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිත බව නිකායික සියලු භික්‍ෂු සංඝයා වෙත දැනුම් දෙන ලැබේ.

සුදුසුකම් සපුරා ඇති උපසම්පදාපේක්‍ෂකයන් වහන්සේලා සම ලේඛකාධිකාරීහු, මහා කප්පින සීමාමාලක විහාරය, වැලිතර, බලපිටිය යන ලිපිනයෙන් අයදුම්පත්‍ර ලබාගෙන, නිසිපරිදි සම්පූර්ණ කොට සිය ආචාර්යයන් වහන්සේ මගින් 2013 ජුනි 20 දින ට පෙර එම ලිපිනයට ලැබෙන්නට සැළැස්විය යුතුයැ යි සුධර්මා කාරක සංඝ සභාවේ අනුමැතිය පරිදි දර්ශනපති බලපිටියේ සිරි සීවලී හිමියන් සහ ශාස්ත්‍රපති කොස්ගොඩ සිරිමිත්ත නාහිමියෝ නිවේදනය කරති.